ආරක්ෂක නිලධාරීන් ගැට ගසා බැංකු සේප්පුවේ රන් ආභරණ කොල්ල කාලා!

කොළඹ LNW:පුද්ගලයින් තිදෙනෙකු විසින් මොරගහහේන, කෝරලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක සේප්පුවක් කඩා එහි තිබූ රන් ආභරණ තොගයක් රැගෙන පලාගොස් තිබේ.

අද (23) අලුයම 1.00ට පමණ එම කොල්ලය සිදුව ඇත.

බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇති එම පිරිස එහි සිටි ආරක්ෂක නිලධාරීන්ව බැඳ දමා බැංකුවේ පිටුපස පිහිටි නාන කාමරයෙහි ජනේලයෙන් එයට ඇතුළු වී ඇති අතර පසුව ඔවුන් එහි තිබූ සේප්පුව කඩා ඒ තුළ සුරක්ෂිතව තිබූ රන් ආභරණ සොරාගෙන පලා ගොස් ඇති බව සඳහන්.

අදාළ සැකකරුවන් තිදෙනා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC දායකත්වය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : මුදල් හා සැලසුම්...

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...