කිවි ලලනාවෝ ක්‍රිකට් තරගාවලියට පැමිණෙති

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පදනම් කරගෙන පැවත්වෙන එක්දින තරග තුනක් සඳහා සහ කොළඹ සරවනමුත්තු ක්‍රීඩා පිටිය නොහොත් ඕවල් ක්‍රීඩාංගණය පාදක කරගෙන පැවත්වෙන විස්සයි විස්ස තරග තුනක් සඳහාත් සහභාගී වීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රිඩිකාවෝ දිවයිනට පැමිණියහ.ඔවුන් දේශිය නර්තන සම්ප්‍රදායන් යොදා ගෙන පිළිගැනීමට කටයුතු කර තිබිණ.

එක්දින තරග ජූනි 27,30 සහ ජූලි 3 යන තෙදින තුළ පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.විස්සයි විස්ස තරග පැවත්වෙන්නේ ජූලි 8,10 සහ 12 යන තෙදින තුළයි.

ඒ සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙන අතර නායකත්වය සඳහා චමරි අතපත්තුම කැදවා ඇත.සෙසු ක්‍රීඩිකාවන් වන්නේ විශ්මි ගුණරත්න,හර්ෂිතා සමරවික්‍රම,නිලක්ෂි ද සිල්වා,කවීශා දිල්හාරි,අනුශ්කා සංජීවනී,ඕෂධි රණසිංහ,කාව්‍ය කාවින්දි,සුගන්ධිකා කුමාරි,ඉනෝකා රණවීර,උදේශිකා ප්‍රබෝධනී,හංසිමා කරුණාරත්න,ඉනෝෂි ප්‍රනාන්දු,ඉමේෂා දුලානි සහ හසිනි පෙරේරා ය.
සොෆි ඩිවිනි නායකත්වය දරන නවසීලන්ක කාන්තා කණ්ඩායමට ක්‍රිඩිකාවන් 15 දෙනෙක් ඇතුළත්ය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...