*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

චමරි පන්දුවෙන් ආශිර්වාදයක් වෙයි

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 24, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතර පැවත්වෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේ ආරම්භක තරගයේදී කොදෙව් කණ්ඩායම කඩුලු 4 න් පරාජය කරන්නට සමත් වුණා.එහිදී කාසියේ වාසිය ලබා ගත් චමරි අතපත්තු පළමුව පන්දුවය පහර දීමට කොදෙව් ක්‍රීඩිකාවන්ට ආරාධනා කරනු ලැබුවා.
පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ඉණිම ගොඩ නැඟීමට හරස් වුණේ චමරි අතපත්තුමයි.එක් අන්තයකින් පන්දු යැවීම ආරම්භ කළ චමරි මුළු තරගය පුරා පන්දු ඕවර් 4 ක් යමින් ලකුණු 29 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

ඉනෝෂි ප්‍රනාන්දු ලකුණු 28 ට කඩුලු 3 ක් දවා ගනු ලැබුවා.මේ බිඳ වැටීම නිසා විශාල ලකුණු ගණනකට පිවිසීමට කොදෙව් ක්‍රීඩිකාවන්ට හැකියාව නොලැබුණු අතර කඩා වැටීම මදකට නවතමින් හේලි මැතිව්ස් (30),ක්වානා ජෝෂප් (20) සහ ආලියා ඇලෙයින් (26) එකතු කර ලකුණුවල පිහිටෙන් පන්දු ඕවර් 20 තුළ ලකුණු 134 ක් රැස් කරන්නට කොදෙව් ක්‍රීඩිකාවන් සමත් වුණා.ඒ වෙනුවෙන් කඩුලු 8 ක් වන්දි ලෙස ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සහ පන්දු රකින්නියන් කටයුතු කරනු ලැබුවා.


පිළිතුරු ඉණිමේදී චමරි යළි අසාර්ථක වෙමින් ලකුණු 1 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුව ද,දෙවන කඩුල්ලට විශ්මි ගුණරත්න (35) සහ මර්ෂිතා මාධවී (35) ලකුණු 46 ක සබඳතාවයක් පවත්වනු ලැබුවා.ලකුණු 14 දී පිටියට පිවිසි හර්ෂිතා ලකුණු 96 තෙක් කඩුල්ලේ රැදී සිටි අතර හසිනි පෙරේරා ලකුණු 20 ක් ලබා ගත් අතර නිලක්ෂි සිල්වා තරගයේ ජයග්‍රහණය කරා කණ්ඩායම රැඟෙන යමින් නොදැවී ලකුණු 17 ක් රැස් කරන්නට සමත් වුණා.


ජාතික මට්ටමේ තරගාවලදී හොඳ ඉණිම් ගොඩ නඟන්නියක ලෙස කැපී පෙනෙන,මේ තරගයේ දී කඩුල්ල පිටුපස වගකීම පැවරුණු කව්ෂානි නෘත්‍යාංගනා මනරම් ලකුණු හතරේ පහරක් එල්ල කිරීමෙන් ඉනික්බිතිව ආත්මීය පාලනය ගිලිහෙන පීඩනයේ ගොදුරක්ව ලකුණු 7 ට දැවී ගියා.ඉදිරි තරගයක මේ පීඩනය අවම කර ගන්නට ඇය කෙරෙහි කණ්ඩායම තබන විශ්වාසය වැදගත් වන අතර ඒ සඳහා පිතිකරණ නාම ලේඛණයේ ඉහළින් යොමු කිරීමෙන් වැදගත් සමහර විට නෘත්‍යාංගනා ශ්‍රී ලංකාවට අවශ්‍යය පිතිකරුවාගේ භුමිකාවට පිවිසෙන්නට පහසු ගමන් මඟක් සකසා ගන්නට ඉඩ තිබෙනවා.


ඇෆි ෆ්ලෙචර් දැවී ගිය කඩුලු 6න් කඩුලු 2 ක් දවා ගන්නට ලකුණු 29 ක් ලබා දෙමින් සමත් වූ අතර ෂමිලා කොනෙල්,හේලි මැතිවිස්,කරිෂ්මා රන්බාරක් සහ ආලියා ඇලෙයින් එක් කඩුල්ල බැඟීන් බිද දමන්නට සමත් වුණා.තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි. https://es.pn/3VUnZDS

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan