1991 සිටම අයවැය ඉලක්ක සපුරා ගෙන නැහැ – වෙරිටේ රිසර්ච්

Date:

කොළඹ LNW: 1991 සිටම අයවැය ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වීම මගින් අයවැය හිඟය දිගින් දිගටම ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනය මගින් සම්පාදිත 2024 අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එම වාර්තාව පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව වෙත ලබා දී තිබෙන අතර එම වාර්තාවේ අරමුණු සහ ශ්‍රී ලංකාවේ අයවැය සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පසුබිමක් සපයා 2024 අයවැයේ ඇති විවිධ අඩුපාඩු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇත.

2023 වසරේ අයවැය මගින් ඉලක්ක කළ ආදායම,එකතු කළ ආදායම මෙන්ම 2024 වසර සඳහා බදු අනුපාත ඉහළ දැමීම හරහා එකතු කර ගැනීමට අපේක්ෂිත ආදායම පිළිබඳ දත්ත මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබුණි.

කාරක සභා සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම පර්යේෂණ ආයතනයේ නියෝජිතයන්ගෙන් ඉල්ලා තිබුණේ එකතු කළ අගය මත බද්ද මගින් අපේක්ෂිත ආදායම යථාර්ථවාදී අගයක්දැයි ගණනය කිරීමක් සිදු කරන ලෙස හා 2022 – 2024 කාල සීමාව තුළ පැවති උද්ධමනය රජයේ ආදායමට ඇති කළ බලපෑම පිළිබඳ වාර්තාවක් ක්‍රම සහ විධි කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසයි.

ඊට අමතරව රජය විසින් යෝජිත දේපළ බද්ද සම්බන්ධ පර්යේෂණ වාර්තාවක් ද, ක්‍රම සහ විධි කාරක සභාව වෙත ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරිණ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...