ඊශ්‍රායලය සහ ඉරානය අතර යුධ ගැටුම් ආවරණය කරන මාධ්‍යවේදීන් හට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයෙන් ආරක්ෂක උපදේශන මාලාවක්!

Date:

සටහන – පුලී
ජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම ආවරණය කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් සඳහා වූ විශේෂ ආරක්ෂක උපදේශන මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත.

ජාත්‍යන්තර නීතිය යටතේ මාධ්‍යවේදීන් සිවිල් වැසියන් බවත් ඔවුන්ට එරෙහිව හිතාමතා කරන ප්‍රහාර යුද අපරාධ බවත් ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය විසින් සියලු පාර්ශවයන්ට මතක් කර දී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් Anthony Bellanger පැවසුවේ: “සන්නද්ධ ගැටුම් පවතින ප්‍රදේශවල මාධ්‍ය වෘත්තිකයන් සිවිල් වැසියන් ලෙස සලකමින් ආරක්ෂා කළ යුතු අතර බාධාවකින් තොරව ඔවුන්ගේ කාර්යය ඉටු කිරීමට ඉඩ දිය යුතු” බවයි.

IFJ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය පහසුකම්වලට පහර දීමෙන් වළකින ලෙස සටන් කරන පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින අතර මාධ්‍ය සංවිධාන සහ සේවා යෝජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තම සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...