ඊශ්‍රායලය සහ ඉරානය අතර යුධ ගැටුම් ආවරණය කරන මාධ්‍යවේදීන් හට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයෙන් ආරක්ෂක උපදේශන මාලාවක්!

Date:

සටහන – පුලී
ජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම ආවරණය කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් සඳහා වූ විශේෂ ආරක්ෂක උපදේශන මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත.

ජාත්‍යන්තර නීතිය යටතේ මාධ්‍යවේදීන් සිවිල් වැසියන් බවත් ඔවුන්ට එරෙහිව හිතාමතා කරන ප්‍රහාර යුද අපරාධ බවත් ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය විසින් සියලු පාර්ශවයන්ට මතක් කර දී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් Anthony Bellanger පැවසුවේ: “සන්නද්ධ ගැටුම් පවතින ප්‍රදේශවල මාධ්‍ය වෘත්තිකයන් සිවිල් වැසියන් ලෙස සලකමින් ආරක්ෂා කළ යුතු අතර බාධාවකින් තොරව ඔවුන්ගේ කාර්යය ඉටු කිරීමට ඉඩ දිය යුතු” බවයි.

IFJ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය පහසුකම්වලට පහර දීමෙන් වළකින ලෙස සටන් කරන පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින අතර මාධ්‍ය සංවිධාන සහ සේවා යෝජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තම සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...