වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

එය ජනාධිපතිවරණ මැතිවරණ පොරොන්දු අතරද පවතින බවත් වතු හාම්පුතුන්ගේ එකඟතාවක් නොමැති වීම මත එය තවදුරටත් කල් ඇදෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

දැනට තිබෙන නීතිය අනුව හාම්පුතුන්ගේ එකගතාවයෙන් මෙය කළ යුතුව තිබුණත් ඔවුන් මෙයට එකඟ නොවන්නේ නම් රටේ නීති වෙනස්කර හෝ මේ වසර අවසාන වීමට පෙර වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා වැඩිකරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

වසර 200ක් තිස්සේ ජීවත්වන ඔවුන්ට වැටුප විතරක් නොව ඔවුන්ට අවශ්‍ය අනිකුත් පහසුකම්ද ලබාදීමට කටයුතු කරන අතර එළඹෙන ජූලි 6 වැනිදා ඕපාත ප්‍රදේශයෙන් අලුත් වැඩසටහනක් ආරම්භ කරන බවද විද්‍යාරත්න මහතා කියාසිටියි.

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ මෙය ආරම්භ කරන අතර වතු කම්කරුවන් සඳහා ලිපිනයක්, හැදුනුම්පත් නොමැති අයට හැදුනුම්පත්, විවාහ සහතික නොමැති අයට විවහා සහතික දීම, පර්චස් දහයක ඉඩමක් සහිත නිවාසයක් ලබාදීම ආදිය සිදුකිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (23) පස්වරුවේ කඳුකර දෙමළ ප්‍රජාවගේ (මලයහ ප්‍රජාව) මුහුණ දෙන ගැටලු පිළිබඳ කොළඹ ලයනල් වෙන්ට් ශාලාවේ පැවති ජායාරූප ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල වෙසෙන තේ කර්මාන්තයට දායකත්වයක් ලබාදෙන දෙමළ ප්‍රජාවේ (මලයහ) ජන ජීවිතය තේමා කර ගනිමින් ‘200+; Beyond The Struggle’ යන මැයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි.

බදුල්ල සහ නුවරඑළිය ප්‍රදේශවල වෙසෙන මලයහ තරුණ ප්‍රජාව අවුරුද්දක කාල සීමාවක් තුළ ලබාගත් ඡායාරූප එම ප්‍රදර්ශනයට එක් කර ඇත.

එම චිත්‍ර ප්‍රදර්ශනය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...