හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගතහොත්?

Date:

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW :

ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති යුද ගැටුම් උත්සන්න වීමත් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගතහොත් එය ඍජුවම මෙරට ඉන්ධන සැපයුමට බලපෑම් එල්ල කරන බව දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ගල්ෆ් කලාපයේ සිට ලොව රටවල් ගණනාවකට සිදු කෙරෙන ඉන්ධන සැපයුම නතර වනු ඇති බවයි.

දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ, අමෙරිකාව විසින් පනවා ඇති බාධක හේතුවෙන් ගල්ෆ් කලාපය හැර ඉන්ධන නිෂ්පාදනය කෙරෙන ලොව වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීමද අපහසු කරුණක් බවයි.

මැද පෙරදිග යුද ගැටුම් උත්සන්න වුවහොත් මෙරටට අහිතකර ලෙස බලපානු ඇති බවද මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...