හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගතහොත්?

Date:

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW :

ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති යුද ගැටුම් උත්සන්න වීමත් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගතහොත් එය ඍජුවම මෙරට ඉන්ධන සැපයුමට බලපෑම් එල්ල කරන බව දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ගල්ෆ් කලාපයේ සිට ලොව රටවල් ගණනාවකට සිදු කෙරෙන ඉන්ධන සැපයුම නතර වනු ඇති බවයි.

දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ, අමෙරිකාව විසින් පනවා ඇති බාධක හේතුවෙන් ගල්ෆ් කලාපය හැර ඉන්ධන නිෂ්පාදනය කෙරෙන ලොව වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීමද අපහසු කරුණක් බවයි.

මැද පෙරදිග යුද ගැටුම් උත්සන්න වුවහොත් මෙරටට අහිතකර ලෙස බලපානු ඇති බවද මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...