මේ ආණ්ඩුව මන්ත්‍රීලාට දුන් සියලුම බාර් ලයිසන් අහෝසි කරනවා – සජිත්ගෙන් පොරොන්දුවක් ! (VIDEO)

Date:

මෑත කාලයේ දේශපාලන වාසි තකා ලබා දුන් හොර බියර් බලපත්‍ර, අරක්කු හා මත්පැන් බලපත්‍ර සියල්ල සමගි ජන බලවේග රජයක් තුළ අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ අනාගතය විය යුත්තේ අරක්කු බලපත්‍ර නොව පාසල් දූදරුවන්ට නිසි ආරක්ෂිත මෙවලම් සහිත ටැබ් එකක් අයිපෑඩ් එකක් ලබා දීම බවත් සංචාරක ප්‍රවර්ධනය අරමුණින් මේ මත්පැන් බලපත්‍ර ලබා දෙනවා නම් ඒවා දිය යුත්තේ නිසි ස්ථානීය පරීක්ෂාවකින් සහ විනිවිදභාවයකින් යුක්තව බවත් ඒ මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 254 වැනි අදියර යටතේ කළුතර අගලවත්ත වැලිපැන්න රහුමානියා මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන අරමුදලට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 254ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2755ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...