ජම්මු හා කාශ්මීර මෙන්ම ලඩාක් ප්‍රදේශයන්හි ග්ලැසියර සීඝ්‍ර දියවීමකට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

උතුරු ඉන්දියාවේ .ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා තාප තරංග හේතුවෙන් ග්ලැසියර සීඝ්‍රයෙන් දියවෙමින් පවතින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙන බව වාතා වේ.

හිමාල කලාපයට බලපා ඇති තාප තරංග හේතුවෙන් ජම්මු හා කාශ්මීර මෙන්ම ලඩාක් ප්‍රදේශයන්හි ග්ලැසියර මෙලෙස සීඝ්‍ර දියවීමකට මුහුණ දී තිබෙන අතර, එම ප්‍රදේශයන්හි ග්ලැසියර 18000ක් පමණ පවතින බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

තාප තරංග මෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හමුවේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය ඉහළ යාම ඊට හේතුවී තිබෙන අතර, කාශ්මිර නිම්නයේ පිහිටා ඇති විශාලම ග්ලැසියරය ලෙස සැලකෙන කොලාහෝයි ග්ලැසියරයේ 23%ක පමණ ප්‍රතිශතයක් පසුගිය දශක කිහිපය තුළදී දියවීමට ලක්ව ඇති බව එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි.

ශිත සෘතුවේ ද එම ප්‍රදේශයන්හි උෂ්ණත්වය ද මේ වන විට ඉහළ අගයක් ගෙන ඇති බව එහි තවදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...