ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Date:

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අභිලාෂ කැඳවා තිබේ.

Sinolank යනු කොළඹ ඉහළ වානිජ වටිනාකමක් ඇති ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල අයත් සමාගමයි. ග්‍රෑන්ඩ් හයට් යනු ජාත්‍යන්තර තරු 5 ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ ඉහළම මට්ටමේ සුවිශේෂී ආගන්තුක සත්කාර දේපළකි. දේපළෙහි උපරි ව්‍යුහය (superstructure) මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අවසන් කර ඇති අතර ඉතිරි කටයුතු සඳහා ආයෝකයෙකු බලාපොරොත්තු වන බවයි රජය සඳහන් කරන්නේ.

ඉන්දියානු සාගරයට මුහුණ ලා ඇති මෙම දේපළෙහි කාමර 458 කින් සහ අමතර සේවා සපයන ලද මහල් නිවාස 100 කින් සමන්විත ආකර්ෂණීය මහල් 47 ක ව්‍යුහයක් ඇති අතර, ඒ සියල්ල සාගරයට මුහුණලා පිහිටි අක්කර 2.32 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇත.

සේවක අර්ථසාධක අරමුදල ද කැන්විල් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන ආයෝජකයෙකු වන අතර අරමුදල රු. බිලියන 5ක් (පොත් අගය) මේ වන විට එහි ආයෝජනය කර තිබේ.

මේ සඳහා උනන්දුව දක්වන පාර්ශවයන් හට https://www.treasury.gov.lk/web/restructuring-canwill ඔස්සේ වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ විය හැකිය.

අභිලාෂ ප්‍රකාශ කිරීමේ කාලය 2026 පෙබරවාරි 16 වන සඳුදා, ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 2 ට (පැය 14:00) අවසන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...