ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW:

මේ දිනවල නැමිබියාවේ සහ සිම්බාබ්වේ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම කැපී පෙණෙන දස්කම් දක්වමින් සිටිනවා.වාර්තා අලුත් කරන දස්කම් දක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ නැති ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ගැටවරයන් දෙදෙනෙක් ගැනත් මේ වන විට ඒ විදිහටම අවධානය යොමු වෙලා තියෙනවා.


ඔවුන් නමින් නාදන් කුරේ සහ නිටේෂ් සැමුවෙල් යන දෙදෙනායි.මේ දක්වා ඔස්ට්‍රේලියාව මුහුණ දුන් තරග දෙක ගත්තම එම තරග දෙකේම ආරම්භක පිතිකරුවා වුණ නිටේෂ් සැමුවෙල් තවමත් නොදැවුණ ක්‍රීඩකයෙක්.ඔහු අයර්ලන්තයට එරෙහිව ලකුණු 77 ක් රැස් කරන්නට සමත් වෙනවා.එසේම ජපානය සමඟ පැවති තරගයේදී ලකුණු 60 ක් රැස් කරනවා.මේ ඉණිම් දෙකම වැටෙන්නේ නොදැවුණු ඉණිම් හැටියටයි.


අයර්ලන්ත තරගයට කැඳවීමක් නොලද එහෙත් ජපාන තරගයට කැඳවීමක් ලද දකුණත් පා දඟ පන්දු යවන නාදන් කුරේ එම තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හොඳම ප්‍රතිපල නෙලා ගත් පන්දු යවන්නා වෙනවා.ඔහු සිය පන්දු වාර 10 ලකුණු 31 ට සීමා කරමින් මේ තරගයේ පන්දු ඕවරයකට අඩුම සාමාන්‍ය ලකුණු ප්‍රමාණය සටහන් කරමින් පන්දු යැවූ ක්‍රීඩකයා වෙනවා.එසේම වැඩියෙන්ම කඩුලු දවා ගත් පන්දු යවන්නා ද වෙමින් ඔහු ලකුණු 31 ට කඩුලු 3 ක් දවා ගන්නවා.
ඡායාරූපයේ වමේ සිට්නනේ නිටේෂ් සැමුවෙල්ය.දකුණේ නාදන් කුරේ සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...