නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමක් පිළිබඳ සාකච්ඡාවක් දැනට ආණ්ඩුව තුළ නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ප්‍රශ්නය – ඇමතිතුමා, නීතිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න ඔබතුමන්ලාගෙ යම්කිසි හෝ අදහසක් තියෙනවාද ? මොකද, 21 විරෝධතාවයකුත් තියෙනවා ….

“එහෙම එකක් දැනට සාකච්ඡා වෙලා නැහැ. දීර්ඝව ඒ ගැන කරුණු ඉදිරිපත් කරන්න බැහැ. නමුත් ඔබ දකින දේ සම්බන්ධයෙන් අපිත් සැලකිල්ලෙන් ඉන්නෙ කියන එක කියන්න පුළුවන්”

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...