ස්වාධීන කණ්ඩායම් අංක 02න් නාවලපිටිය නගර සභාවට නව සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW :

නාවලපිටිය නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරිපත් වූ එම නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙස අමල් ප්‍රියංකර මහතා පත්ව තිබෙන බව වාර්තා වේ.

නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම නගර සභා රැස්වීම් ශාලාවේදි අද පැවත්වුණේ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ එම් කේ පී කේ චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති විවෘත ඡන්දයේදී ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරිපත් වූ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර මහතාට ඡන්ද 09ක් හිමි කර ගත් බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරයට තරඟ කළ තිලක් අමරිසිරි සිරිසේන මහතාට හිමි වුණේ ඡන්ද 05ක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...