ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 70කට අධික පිරිසක් සේවයෙන් ඉවත්ව ගිහින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගුවන් නියමුවන් 70කට අධික ප්‍රමාණයක්  ශ්‍රීලන්කන් ගුවන් සේවයේ  වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වන විටත් සේවයෙන් ඉවත්ව ඇති බව එම ගුවන් සේවයේ ගුවන් නියමුවන් පවසනවා.

ඔවුන් මේ බව අනාවරණ කළේ, දකුණු කොරියාවට යෑමට සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට, ගුවන් යානයක පමාවෙන් එම අවස්ථාව අහිමි වීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි .

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 470 දරණ යානයේ සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් පසුගියදා දකුණු කොරියාව බලා පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයන් පිරිසකට එම අවස්ථාව අහිමි වූ අතර පසුව එම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අවදානය යොමුවූ අතර එවන් පසුබිමක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

ශ්‍රීලන්කන් ගුවන් සේවය ගුවන් නියමුවන්ට ලබාදෙන වැටුප් හා වේතන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගෙවුණු වසරක කාලය තුළ පමණක් ගුවන් නියමුවන් 70කට අධික පිරිසක් මේ වන විටත් සේවයෙන් ඉවත්ව ඇති අතර තවත් පිරිසක් ඉවත්වීමේ සූදානමකින් සිටින බව ඔවුන්  එම නිවේදනයෙන්  පෙන්වාදී ඇත.

ගුවන් නියමුවන් 330ක් ගුවන් සේවයේ සිටිය යුතු වුවත්, ගුවන් සේවා පරිපාලනයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මේ වන විට සේවයේ සිටින්නේ 250ක් පමණක් බවද පෙන්වා දී ඇත .

නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ, දැනට පවතින ගුවන් නියමු හිඟය හේතුවෙන් මෙලෙස හදිසි අවස්ථාවකදී ගුවන් නියමුවන් ඊට අනියුක්ත කිරීම අසීරු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...