නිලධාරී නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී බන්ධනාගායෙන් පැන්න සිරකරු අල්ලයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරී නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී වැලිකඩ බන්ධනාගාරයෙන් පළා ගිය රැඳවියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි .

වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය සඳහා රඳවා සිටි සිරකරුවෙකු එලෙස අද දින ආගමික වැඩසටහනක් සඳහා සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ එම ස්ථානයෙන් සුක්ෂම ලෙස මිදී ගොස් තිබූ බවයි බන්ධනාගාර නිළධාරීන් පවසන්නේ .

මේ සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම සිරකරු ලුහුබැද ගොස් මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක නැගී සිටියදී පසුව අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති අතර, ඔහු ගම්පහ මහාධිකරණය මගින් 2015 වසරේ මිණිමැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනයට නියමව සිටි සිරකරුවෙකි.

වයස අවුරුදු 42ක් පමණ වන ඔහු පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ  , සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා යටතේ විමර්ශනයක් සිදු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...