ගුරු – විදුහල්පති වැඩ වර්ජනයක් – රට පුරා ගුරු විදුහල්පතිවරු අද කොළඹට!

Date:

කොළඹ LNW:ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් අද (26) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන අතර එම ඉල්ලීම් අතර ගුරු වැටුප් තුනෙන් දෙක ලබා ගැනීම,දෙමව්පියන්ගේ පාසල් බර සැහැල්ලු කිරීම,විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම,අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙල නවතා දැමීමට බල කිරීම යන කාරණා ප්‍රමුඛ වන බවයි.

ගුරු වැටුප් විෂමතාව විසඳීම සඳහා වහාම සුබෝධනි කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන ලෙසද මෙම වෘත්තීය සමිති අවධාරණය කර තිබේ.

මෙම වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ අද පාසල් 10026 වසා ඇති බවද වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.

සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවන පරිදි පාසල් කාලයෙන් පසු උද්ඝෝෂණ ආදිය සිදුකළද ආණ්ඩුව ඒවා නොසලකා හරිමින් කටයුතු කර ඇති බවටයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියා සිටින්නේ.

මෙම වැඩවර්ජනයට සමගාමීව අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක්ද සංවිධානය කර තිබෙන අතර ඊට දිවයින පුරාම විසිරි සිරින ගුරු විදුහල්පතිවරු නිටෝජනය කරමින් පිරිස් සහභාගී වීමටද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...