ගුරු – විදුහල්පති වැඩ වර්ජනයක් – රට පුරා ගුරු විදුහල්පතිවරු අද කොළඹට!

Date:

කොළඹ LNW:ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් අද (26) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන අතර එම ඉල්ලීම් අතර ගුරු වැටුප් තුනෙන් දෙක ලබා ගැනීම,දෙමව්පියන්ගේ පාසල් බර සැහැල්ලු කිරීම,විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම,අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙල නවතා දැමීමට බල කිරීම යන කාරණා ප්‍රමුඛ වන බවයි.

ගුරු වැටුප් විෂමතාව විසඳීම සඳහා වහාම සුබෝධනි කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන ලෙසද මෙම වෘත්තීය සමිති අවධාරණය කර තිබේ.

මෙම වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ අද පාසල් 10026 වසා ඇති බවද වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.

සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවන පරිදි පාසල් කාලයෙන් පසු උද්ඝෝෂණ ආදිය සිදුකළද ආණ්ඩුව ඒවා නොසලකා හරිමින් කටයුතු කර ඇති බවටයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියා සිටින්නේ.

මෙම වැඩවර්ජනයට සමගාමීව අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක්ද සංවිධානය කර තිබෙන අතර ඊට දිවයින පුරාම විසිරි සිරින ගුරු විදුහල්පතිවරු නිටෝජනය කරමින් පිරිස් සහභාගී වීමටද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...