අපි තව දුරටත් මේ මාර්ගයේම ඉදිරියට යා යුතුයි – ජනපති ජාතිය අමතයි

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW):

අද (26) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, අද දවස අපේ රටට වැදගත් දවසක් බවත් ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අද අවසන් කරමින් අවසන් එකඟත්වයකට එළඹුණු බවත් ය.

චීනයේ එක්සිම් බැංකුව සමග අවසන් එකඟත්වයකට පැමිණි බවත්, මෙම එකඟතාවයන් සමග විදේශ රටවල සියලු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවීම 2028 වසර දක්වා කල් දමාගැනීමට හැකිවෙන බවද කියා සිටියේය. 

ඉන්පසු සහනදායි කොන්දේසි මත සියලු ණය ගෙවා අවසන් කර ගැනීමට 2043 දක්වා දිගු කාලයක් ලබාගැනීමට අවස්ථාව ලැබෙන බවත්,

ඉන්පසු තිබෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමග එකඟතාවයකට එළඹීමට බවත්,  ඒ සඳහා මේ මාර්ගයේම ඉදිරියට යා යුතු බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා තවදුරටත් පැවසූවේ,

" 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම සඳහා වැය කිරීමට අපට සිදුවුණා.  2027 සිට 2032 දක්වා ණය ගෙවීම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% කටත් අඩු ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට දැන් ඉඩ සැලසෙනවා. 2022දී රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතා දළ දේශීය නිෂ්පාදිතයෙන් 34.6%ක්. මේ එකඟතා නිසා එය 2027 සහ 2032 කාලය වෙද්දී එය 13%කට වඩා අඩු වෙයි.

2022 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව ණය වෙන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ මත අපේ රටේ ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති නැවතුණා. සංවර්ධන කටයුතු නැවතුණා. දැන් විදේශ අරමුදල් යොදවාගෙන ඒ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකි වෙනවා. කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ග ව්‍යාපෘති ගණනාවක් ආරම්භ වෙනවා."

ලෙසද කියා සිටියේය.

ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්නයෙන් පහතින් දැක්වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...