නැවත සොයාගත යුතුව ඇත ….

Date:

”පින්තූරයේ සිටින අපේ තාත්තා දුටුවොත් පහත අංකයට දැනුම් දෙන්න. අවසන් වරට ඇඳ සිටියේ නිල් කමිසයක් සහ බතික් සරමකි.”

සිහිවිය
මෑතක ගත් පින්තූරයක් නොමැති බව.
පසුවුන වසර ගනනට
මුහුනේ ඉරි ඇඳී ඇත
කම්මුල් දියවී
හකු ඇට නෙරා ඇත.

කලකින් රැවුළ කපා නැත
දිනපතා සෝදන හෙයින්
සරම් කමිස දියවී ඇත.
ටෙලිවිෂනය ඉදිරිපස අසුන
කිළිටි වී
කිඳා බැස ඇත.

වදනක් දෙකක් හුවමාරු වෙනු මිස
මෑතක අප’තර ඇසුරක් තිබී නැත.
එහෙයින් මීට බොහෝ කලකට පෙර
තාත්තා නැතිවී ඇත.
ඒ බව හරියටම
වැටහුණේ අදය.

කොහේ කොතැනක හෝ
සතුටින් සිටිනවා විය හැකිය.
හතරමං හන්දියක
සිඟමන් යදිනවා විය හැකිය.
මේ ෆොටෝ එකේ ඉන්නා තාත්තා
නැවත සොයාගත යුතුව ඇත.

එහෙයින්
ඔබ ඔහු දුටුවහොත්
වහා දැන්විය යුතුය.
ගෙදර එන්නට බැහැය කිව්වත්
ආපසු ගෙනා යුතුය.

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ...

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...