ඇමරිකානු විශේෂ දූත පිරිස පැමිණේ. පාර්ශ්ව රැසක් සමග සාකච්ඡාවට සූදානම්

Date:

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අර්බුදයේදී සහාය දියහැකි වඩාත් ඵලදායී ක්‍රම පිළිබඳ සොයාබැලීම සඳහා ඉහළ මට්ටමේ ඇමරිකානු විශේෂ දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන මෙම දූත පිරිස අද (26) අළුයම විශේෂ ගුවන්යානයකින් මෙරටට පැමිණි බව සඳහන්.

ආසියාව සඳහා වන ඇමරිකානු නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්‍රොට් මහතා සහ දකුණු හා මධ්‍යම ආසියානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මිය ද මෙම දූත පිරිසට ඇතුළත්ව සිටිති.

ජුලි 29 වනදා දක්වා මෙරට රැඳී සිටින මෙම දූත පිරිස මෙරට දේශපාලන නියෝජිතයින්. ආර්ථික විද්වතුන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...