චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කාර්යාංශය චීන ජනපති ප්‍රධානත්වයෙන්!

Date:

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම බෙයිජිං හිදී අද (27) පැවැත්වුණා. නව ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණා.

ඊට අමතරව, එළඹෙන ජූලි 15 වැනිදා සිට 18 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැයිය බෙයිජිං අගනුවර දී පැවැත්වීමට ද එම රැස්වීමේ දී තීරණය කරනු ලැබුවා.

2035 වසර වනවිට චීනය උසස් මට්ටමේ සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධතිය පූර්ණ වශයෙන් ගොඩනඟන අතර චීන ලක්ෂණයන් සහිත සමාජවාදී ක්‍රමය වඩාත් පරිපූර්ණ කිරීමයි අපේක්ෂාව.

එසේම මෙම සියවසේ මැද භාගය වන විට බලවත් සමාජවාදී නවීකරණ රටක් අංගසම්පූර්ණයෙන් නිර්මාණය කිරීමේ ඉලක්කය සඳහා ශක්තිමත් පදනමක් සැකසිය යුතු බව ද එම රැස්වීමේදී අවධාරණය කර තිබෙනවා

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...