කෙහෙළියගේ පෙත්සමක් ජූලි මස 01 වනදා කැඳවයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 27, කොළඹ (LNW):

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 01 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළ බව සඳහන් වේ.

පෙත්සම ගොනුකර ඇත්තේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.

අද (27) එම පෙත්සම සලකා බැලීම සිදුකළ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් කරුණු ඉදිරිපත් කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

යාපනයේ රු මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

නිහඬ ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්නට මාධ්‍යවේදීන්ට මහඟු අවස්තාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : පාඨමාලා ලාභී මාධ්‍යවේදියෙකු...

අයවැය යෝජනා ඉටුවීම ගැන පසු විපරමක් – 2025 කැපී පෙනෙන වෙනසක්!

කොළඹ LNW:2025 ජාතික අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනා අතුරින්...