*
Sunday, June 30, 2024
spot_img

Latest Posts

මීටර් 4.72 පමා නැද්ද

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 27, (LNW) කොළඹ :

දියගම දී 102 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියට සම්බන්ධ වූ නේසරාසා දක්ෂිතා රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 3.72 ක නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවනු ලැබුවාය.ඇය බිඳ දමන්නේ 2022 අප්‍රේල් මස 09 වන දින සචිනි කෞශල්‍යා පෙරේරා විසින් පිහිටුවා තිබූ මිටර් 3.71 ක් වූ ජාතික වාර්තාවය.ඒ දිනවල එක දිගට පැවති සචිනි සහභාගි වූ සෑම ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලියකදීම සචිනි නව ජාතික වාර්තාවක් පිහිටුවීම සුපුරුදු දසුනක් විය.එහෙත් බලධාරීන්ගේ අවධානය ඇය කෙරෙහි ප්‍රමාණාත්මකව යොමු නොවුණු අතර එම කුසලතා වැඩි දියුණු කර ගැනීමට ජාත්‍යන්තර තරග අවස්ථාවක් හෝ ලැබුණේ නැත.එම කළකිරීම මත ඇය දැන් දුරු රටක ගෘහ සේවිකාව ලෙස සේවය කරන්නීය.


ඇය 2022 දී ඉහත දක්වා ඇති වාර්තාව තෙක් ක්‍රීඩා උළෙලෙන් උළෙලට ජාතික වාර්තාව අලුත් කරමින් පැමිණි ආකාරය ගැන සිතන විට අද නේසරාසා තැබූ ජාතික වාර්තාව 3.72 ට වඩා සෙන්ටි මීටර් කිහිපයක් වැඩි වන්නට තිබිණි.ඒ ඇත්ත තත්ත්වය අපි පිළිගත යුතු වන්නෙමු.එහෙත් නේසරාසා තැබූ ජාතික වාර්තාව අතිශයින්ම වැදගත්ය.30 වසරක යුද්ධයකට උතුර ඇද දැමූ දේශපාලනය විසින් රටට අහිමි කර තිබූ උතුරේ දස්කම් මේ ආකාරයට මතු වීම ඇත්තටම රටක් හැටියට සතුටට කාරණයක්ය.ඇය පමණක් නොව ඇයගේ පුහුණුකරු වන කෝපාලන් කනදීපන් විසින්ම පුහුණු කරනු ලබන පුවිතරන් පිරිමි හෙල්ල වීසි කිරීමේ ජාතික වාර්තාලාභියා වීම ද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.


එසේම නේසරාසා උතුරේ විශ්ව විද්‍යාලයේ ශාරිරික අධ්‍යාපනය පිළිබඳ දෙවන වසරේ සිසුවියක ද වන්නීය.උතුරේ එසේ වුව ද,දකුණේ ජාතික වාර්තා තැබූ විශ්ව විද්‍යාල ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට එවැනි අන්දමින් ක්‍රීඩාවේ දී සිය දක්ෂතා වර්ධනය කර ගනිමින් එහි නියැලෙන්නට අවස්ථාව ඇද්ද යන්න ද මෙහිදී කතා කළ යුතුය.මීටර් 100 කඩුලු ජාතික වාර්තාව හිමි කර ගෙන සිටි රොෂාන් රණතුංග මෙම තරගාවලියේ දී කණිෂ්ඨ සූරතාවය දිනා සිටි කවීශ බණ්ඩාරට දෙවැනි විය.මේ විශ්ව විද්‍යාලයට ක්‍රිඩා හැකියාවන් සහිතව ඇතුළත් වන සිසු සිසුවියන් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය හරහා අවධානය යොමු විය යුතු කරුණක්ය.වඩාත් ප්‍රායෝගික හැකියාවන් සහිත දැණුමක් සහිත පුද්ගලයෙකු අනාගත පරපුරට මඟ පෙන්වීම සඳහා යොදා ගැනීමට අවශ්‍යය කරුණු සම්පාදනය කිරිම අවධානය යොමු කළ යුතු කාරණයක්ය.
නේසරාසාට අපි සුබ පතන්නෙමු.එහෙත් මීට වඩා ඉහළින් තිබෙන්නට තිබුණු ජාතික වාර්තාවක් තිබුණේනම් ඇය ඉක්මවා යනු ඇත්තේ එම වාර්තාවය.එය ද ක්‍රිඩා බලධාරීන් අවධානය යොමු කළ යුතුය.ක්‍රීඩාව පාලනය කරන එම ක්‍රීඩාවට අදාළ පරිපාලනයට ඉහළින් සමස්ත ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සැකසීම සහ යටිතල පහසුකම් සම්පාදනය කිරීම භාරව සිටින පිරිස් මෙවැනි කරුණු ගැන අවධානය යොමු කළ යුත්තේ මේ මොහොත වන විට ඉසව්වක් ජාතික මට්ටමෙන් එසැවී තිබිය යුතු තැන නොතිබේය යන්න හඳුනා ගන්නට ඇති සාක්ෂි හැදෑරීමෙන්ය.


එය නේසරාසාගේ ප්‍රශ්නයක් නොවේය.ඇය දක්ෂය.අපි ඉල්ලා සිටින්නේ ඇයටවත් අතරමඟ එම ඉසව්ව හැර යන්නට සිතෙන මානසික තත්ත්වයක් නොසෑදෙන්නට වැඩ කටයුතු සම්පාදනය කිරිම වැදගත් බවය.නේසරාසා සහ සචිනි අතර සිටි නිමේෂා ද මෑත කාලයේ දී රට හැර ගියාය.මේ ආකාරයට රිටෙන් ඈත් වන බොහෝ දෙනෙක්ට එම ඉසව්ව දියුණු කර ගැනීමට අවශ්‍යය පහසුකම් සහ අවස්ථා නිසි පරිදි නොලැබීම හේතුවක් වන්නේය.ඒ ගැන නේසරාසා ගැන සතටු වෙන තරමටම නේසරාසාගේ ඉසව්වට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් මේ පොළවේ සකස් කරන්නට වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා යැයි අපි පතමු.
නේසරාසා දක්ෂිතා රටෙන් නොනැවතී,සත් සමුදුරෙන් එපිටට කීර්තිය පතුරන්නට ඔබේ හැකියාවට හැකියාව ලැබේවා යන්න අපේ ගෞරවණීය පැතුමය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan