මුහුදු මාර්ගයෙන් ගෙන ආ මත් කරල් තොගයක් කල්පිටියෙන් සොයා ගනී!

Date:

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW :

කන්දකුලිය, තුඩාව වෙරළට යාබඳ ස්ථානයක තිබී , ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් තිබූ මත් කරල් තොගයක් කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

සැකකරුවන් විසින් මත් කරල් ලක්ෂ තුනකට අධික තොගයක් මෙරටට රැගෙනවිත් පොලිතින් මළු 04ක අසුරා අදාළ ස්ථානයේ සගවා පලා ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

පොලීසිය පැවසුවේ, එම මත් කරල් දෙකක් රුපියල් 375 සිට 500ක් දක්වා වන මිලකට කල්පිටිය සහ අවට ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් විසින් රහසිගතව අලෙවි කරන බවටද තොරතුරු ලැබී ඇති බවයි .

එම මත් කරල් තොගය මෙරටට ගෙන ආ සහ ඒවා භාර ගැනීමට සූදානම්ව සිටි අය සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව බබලවන ඉන්දියානු සංක්‍රමණික බිලියනපතියන්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ෆොබියස් සඟරාවකට අනුව...

චාමික කොළ කණ්ඩායමෙන් කොළ එළිය විහිඳුවයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී...

රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ...