Hermi Electric කිලෝමීටර 400 ක විදුලි වාහන එළිදක්වයි!

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW :

Hermi Electric සමාගම ශ්‍රී ලංකාවට දිගු දුර ධාවනය කළ හැකි විද්‍යුත් තිරෝද රථ සහ යතුරුපැදි හඳුන්වා දී ඇත.

මෙම වාහන ඉතා සහනදායී මිලකට වෙළඳපොළට නිකුත් කර ඇති අතර, එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 400ක දුරක් ගමන් කිරීමේ හැකියාව පවතී.

චීන ඉංජිනේරුවන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙරට තුළ මෙම වාහන එකලස් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව එම සමාගම සඳහන් කරයි.

ඉතා කෙටි කාලයකින් ආරෝපණය කළ හැකි මෙම වාහන සඳහා දිවයින පුරා සේවා මධ්‍යස්ථාන 15ක් දැනටමත් ස්ථාපිත කර ඇත.

ඉදිරියේදී මීට වඩා වැඩි දුරක් ධාවනය කළ හැකි මාදිලි හඳුන්වා දීමටද ඔවුන් බලාපොරොත්තු වේ. නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිවැය අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...