රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ මහතා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ඔහු හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහි ඇති හෘද රෝග ඒකකය හරහා ඔහුට අවශ්ය වෛද්ය පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇත.
මෙම රෝගී තත්ත්වය පිළිබඳව නිල වශයෙන් තහවුරු කර ඇත්තේ ඔහුගේ නීතිඥවරයා විසිනි.


