ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඩිජිටල් විප්ලවය

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ ප්‍රථම වතාවට පැවැත්වූ කඩදාසි රහිත නව නීතිඥවරුන් දිවුරුම් දීමේ උත්සවය අගවිනිසුරුවරයාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ අතර, මෙම නවීකරණ වැඩපිළිවෙළ මගින් ඩිජිටල් අත්සන් භාවිත කරමින් නීතිඥවරුන් 735 දෙනෙකු ලියාපදිංචි කර ඇත.

එමඟින් කඩදාසි පත්‍රිකා 15,000ක පමණ ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ.

අධිකරණ පරිපාලනයේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම පරිසර සංරක්ෂණයට දායක වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

මීට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය මේ වන විටත් මාර්ගගත ක්‍රමයට නඩු ගොනු කිරීමේ පහසුකම් ආරම්භ කර ඇති බව ද සඳහන් වේ.

වාණිජ මහාධිකරණය ද ඉදිරි සතියේ සිට මෙම විද්‍යුත් ක්‍රමවේදය අනුගමනය කිරීමට නියමිතව ඇති අතර, මෙය මෙරට නීති ක්ෂේත්‍රයේ සිදුවන විශාල පෙරළියක් ලෙස හඳුන්වා දිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...