*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

කොදෙව්වන් කුඩු කළ ඕවරය හිමි කොදෙව් නෑයා

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තවමත් 80 දශකය දක්වා තමන්ගේ ක්‍රිකට් සම්බන්ධ නොස්ටැල්ජියානු සිහින සමඟ සැරිසරන්නට රජවරුය.ඉන් පසුවත් බ්‍රයන් ලාරා,සිවනාරින් චන්ද්‍රපෝල් වැන්නන් කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ පහළ වූ අසමානයෝය.මේ ‍මොහොතේත් නිකොලස් පූරන් වැනි අසාමාන්‍ය ක්‍රීඩකයෝ ඔවුන් සතුව සිටිති.එහෙත් ඒ අසමානකම් අඛණ්ඩව ගලා යන්නට හෝ සාමූහික වශයෙන් සාර්ථක වන්නට ඉඩක් නොතිබිණ.
ක්‍රිකට් ක්‍රීඩාවේ සුදු අධිරාජ්‍යය විනාශ කරමින් එවැනිම අධිරාජ්‍යයක කොටස් කරුවෝ වූ කොදෙව්වෝ ක්‍රිකට් ඉතිහාසයේ හැදින්වෙන්නේ ආඩම්බරකාරයෝ හැටියටය.වඩාත්ම නිර්වචනයනම් අනෙකාව කුඩා කොට සැළකූ තමන්ගේ යෝධ ස්වභාවය ගැන උදම් ඇනූ පිරිසක්ය.ශ්‍රී ලංකාව වුවත් ඔවුන් මුල් කාලයේ ශත පහකට මායිම් කළේ නැත.ඒ වගේම 83 දී ඉන්දියාවට එරෙහිව ඔවුන්ගේ පරාජය ද ඉන්දියාව ගැන නොසැළකිලිමත් ලෙස නොවැදගත් කොට සිතා සැළකීමය.


කපිල් දේව් ඒ යෝධ ක්‍රිකට් චරිතයට හානි කරපු දා සිට වැදගත්ම දේ සිදු වූයේ ඔවුන්ට හානි කළ හැකි බවට සෙසු රටවල් අතර ද විශ්වාසයක් නැඟ ඒමය.ඒ දක්වා කොදෙව් ක්‍රිකට් ගැන අන් ක්‍රිකට් ජාතීන් තුළ තිබුණ විශ්වාසය වූයේ ඔවුන් පරාජය කළ නොහැකි බවය.ඉද හිට ලද පරාජය වුව ද,ඔවුන් බොහෝ විට ජයග්‍රාහකයන් ලෙසම වැජඹිණි.
මේ ඉතිහාසයේ තියෙන දැවන්තකමට ලොකුම හානිය වූයේ ඊයේ නෙදර්ලන්තය වෙතින්ය.ඔවුහු පළමුව පන්දුවට පහර දී කොදෙව්වන් ලත් ලකුණු 374 සම කළහ.ඉනික්බිති තීරණාත්මක සුපර් ඕවරයේදී ඔවුන් ජේසන් හෝල්ඩර්ට එරෙහිව ලකුණු 30 ක් ලැබූහ.මේ වික්‍රමය නෙදර්ලන්තය වෙනුවෙන් සිදු කළේ ලොගාන් වර්ජස් වැන්බීක් ය.
වැන්බීක් පිත්තෙන් හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් එල්ල කරමින් ලද ලකුණු 30 මෙන්ම සුපර් ඕවරය යැවීමේ වගකීමද පවරා ගත් ක්‍රිඩකයාය.ඔහු එහිදී ලකුණු 30 ක් හඹා ගිය කොදෙව්වන්ට ලබා දුන්නේ ලකුණු අටක් පමණය.ඒ වෙනුවෙන් කොදෙව්වන්ට කඩුලු දෙකක් වැය කරන්නට ද සිඳු විය.
වැන්බීක් අහම්බයක් නොවේය.ඔහුගේ ජානවලට හොඳින් ක්‍රීඩාව කලවම්ය.ඔහු නෙදර්ලන්තය නියෝජනය කළ ද ඉපිද ඇත්තේ නවසීලන්තයේය.නවසීලන්තයේදී ද යොවුන් අවදියේම සිය හැකියාව විදහා පෙන් වූ වැනබීක් 2010 වසරේදී අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්ය.එසේම ඔහු නවසීලන්තය වෙනුවෙන් 2009 දී අවුරුදු 19 න් පහළ ජාත්‍යන්තර පැසිපන්දු සූරතාවලියද නියේජනය කර ඇත.
එහෙත් ඒ සියල් අතහැර නෙදර්ලන්තයට සංක්‍රමණ වන වැන්බීක් 2014 වන විට බංගලාදේශයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කරන්නට සුදුසුකම් ලබා ගත්තේය.

එදා මෙදා තුර ඔහු පන්දු යවන්නෙකු වශයෙන් ඉහළ දස්කම් දක්වා ඇත.එහෙත් පිතිකරුවෙක් වශයෙන් නෙදර්ලන්තය නියෝජනය කළ ජාත්‍යන්තර එක්දින තරග 17 සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 17 තුළ විශාල දෙයක් කර නැත.නමුත් පළමු පෙළ තරගවලදී ශතකයක් පවා ලබා ඇති වැන්බීක් පිතිකරුවෙක් හැටියටත් යම් දායකත්වයක් ලබා දිය ප්‍රහාරකයෙක් බව නෙදර්ලන්තය විශ්වාසය කරන්නේය.
වැන්බීක් ඒ විශ්වාසය තහවුරු කළේ කලක් රජවරු වූ කොදෙව් කණ්ඩායමේ විශ්වාසවන්තම සඟයෙකු වූ ජේසන් හෝල්ඩර්ගේ කීර්තිනාමය හප කර දමමින්ය.ඒ අදහාගත නොහැකි ප්‍රහාරයක් එල්ල කරමින් සුපිරි ඕවරය තුළ වාර්තාගත ලකුණු 30 ක් එක් කරමින්ය.ඇත්තටම තවමත් ටෙස්ට් තත්ත්වය හෝ නැති නෙදර්ලන්තය කොදෙව්වන් ගේ කීර්තියට කළ හානිය සුළු නැත.

එය මහා දැවන්ත එකකි.කෙදෙව්වන්ට සැනසෙන්නට ඇති එකම දේ වැන්බීක් යනු නෙදර්ලන්තයට අමතරව නවසීලන්තයට පමණක් නැකම් ඇති නෑකම් ඇති හාදයෙක් නොවීමය.ඔහු කොදෙව් දේශයේද නෑයෙක්ය.වැන්බීක්ට සිය මවගේ පාර්ශවයෙන් නෑකමට සීයා වන අතීතයේ විසු කඩුලු රකින්නෙක් සහ පිතිකරුවෙක් ලෙස නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කළ සැමී ගුලන් ගැන සිතා මේ ප්‍රහාරකයාට කොදෙව් ජාන ද තිබූ බව කියා සිය ලැජ්ජාව වසා ගන්නට කොදෙව්වන්ට පොඩි ඉඩක් ඇත.ඒ නැත්නම්, එක්දින ලෝක සූරතාව එම තරගාවලිය පැවත් වූ මුල් දෙවතාවේම අපහසුවකින් තොරව දිනා ගත් කොදෙව්වන් සිය ක්‍රිකට් ඉතිහාසයේ ලක් වූ විනාශකාරීම ප්‍රහාරය වැන්බීක්ගෙන් එල්ල වූ බව ඇත්තය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan