දින පහක් නිවාඩු දීලා ගණුදෙනුකරුවන්ට හානියක් නැහැ කියල කොහොමද කියන්නේ – CBEU

කොළඹ LNW:දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකර වෙනත් විකල්ප ක්‍රම වෙත යොමුවෙන ලෙස ආණ්ඩුවට දැනුම් දී තිබෙන පසුබිමක දින පහක නිවාඩුවක් සමඟ සිදුකිරීමට යන දෙයින් ගණුදෙනුකරුවන්ට,තැන්පත්කරුවන්ට කිසිදු හානියක් සිදුනොවන බව ආණ්ඩුව සහතික විය යුතු වන බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කළේය.

කොළඹදී අද (27) මාධ්‍ය හමුවක් කැඳවමින් එහි ලේකම් රන්ජන් සේනානායක මහතා පැවසුවේ මෙම ප්‍රතිව්‍යුහගතකරණය හරහා ගණුදෙනුකරුවන්ට හෝ තැන්පත්කරුවන්ට හානියක් වීමට ඉඩ නොදෙන බවයි.

”පාර්ලිමේන්තුව තුළ සෑබෑ ජනමතයක් අද නියෝජනය වෙන්නෙ නෑ. ඒ නිසා එහි ගන්න තීන්දු තීරණ ගැන මතයක් නෑ.
මේ දින පහේ නිවාඩුව තුළ පාර්ලිමේන්තුවේ කරන්න යන්නෙ මොකද්ද,මේකෙන් ගණුදෙනුකරුවන්ට හානියක් වෙන්නෙ නෑ මේක කරන්නෙ කොහොමද කියල ආණ්ඩුව දැනුවත් කළ යුතුයි. මූලික වශයෙන් මේ ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වෙන්නෙ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර. එහිදී බැංකු ගනූදෙනුකරුවන්ට තැන්පතුකරුවන්ට හානියක් වෙන්නෑ, කලබලවෙන්න එපා කියල ආණ්ඩුව කියනවා ගණුදෙනුකරුවන්ට සැක හිතෙන ආකාරයට.”

රජය මෙලෙස ක්‍රියා නොකළ යුතුවන අතර විනිවිදභාවයක් තිබිය යුතුවන බවයි සේනානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...