වන සංරක්ෂණ කලාප වල කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමට අවධානය!

Date:

කොළඹ LNW:වන සංරක්ෂණ කලාපවල කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම පිළිබඳ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් සිදුකර තිබේ.

විදුලි උත්පාදනය කිරීමේදී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ ගල්අගුරු, ජලවිදුලිය, ඉන්ධන සහ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයන්ගෙන් කුමකටද යන්න පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කරගත යුතු යැයි එහිදී අමාත්‍යවරිය සඳහන් කර ඇත.

රටතුළත්,පාර්ලිමේන්තුව තුළත්,ආණ්ඩුව තුළත් මේ සඳහා සාකච්ඡා කරමින් ප්‍රමුඛතා හදුනා ගතයුතු බවයි වන්නිආරච්චි මහත්මිය පවසන්නේ.

වන සංරක්ෂණ කලාප වල කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදිකිරීම සම්බන්ධව පැනනැගී ඇති ගැටළු පිළිබඳව අවධානය යොමුකර තිබෙන අතර ජාතික විදුලි පද්ධතියට කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර මගින් විදුලිය ලබාදීමේ වැදගත්කම පිළිබඳව එහිදි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ද කරුණු දක්වා ඇත.

පරිසර හිතකාමී, අඩු වියදම් මෙන්ම දේශිය ව්‍යවසායකයින් දිරි ගන්වමින් ව්‍යාපෘති කෙරේ අවධානය යොමු කිරීම ඵලදායී බවයි අමාත්‍යවරුන් එහිදී පවසා තිබුණේ.

කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමේදී විවිධ තාක්ෂණික ගැටළු මතුවන හෙයින් ඒ හා සම්බන්ධව විදුලිබල, පරිසර, වනජීවී, වාරිමාර්ග යන අමාත්‍යංශ ඒකාබද්ධව සාකච්ඡා කළ යුතු බවටද එම සාකච්ජාවේදී තීරණය වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...