රජයේ විධායක නිලධාරීන්ට විශේෂ දීමනාවක්!

Date:

කොළඹ LNW:රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට විශේෂ මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සේවා කාලය මත පදනම්ව මෙතෙක් ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් විසිපන්දහසක විශේෂ මාසික දීමනාවක් ගෙවීමටයි රජය තීරණය කර ඇත්තේ.

අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇත.

ඒ අනුව මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ හා වාස්තු විද්‍යාඥ සේවයේ මෙන්ම ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමිවන බව අදාළ චක්‍රලේඛයේ සදහන් වෙයි.

චක්‍රලේඛය අනුව විධායක නිලධාරීන් සදහා වන මෙම විශේෂ දීමනාව ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු හා ජීවිත හානි පිළිබඳව රජයේ දැඩි අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි...

මන්නාරම් දූපතේ නව සුලං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක අත්හිටුවීමට තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මන්නාරම් දූපතේ නව...

ජාතික තීරු බදු ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර...