වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ උතුරු වසිරිස්තානයේ මිර් අලි හි කාඩි වෙළඳපොළේ සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සොල්දාදුවන් 13 දෙනෙකු මරණයට පත්ව 24 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය කයිබර් පක්තුන්ක්වා හි මෑත මාසවලදී ආරක්ෂක හමුදාවන්ට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාර වලින් එකක් වශයෙන් සැලකෙන් අතර එහි වගකීම මෙම ප්‍රහාරය පකිස්ථාන තලේබාන් හෙවත් TPP හි කන්ඩායමක් වන හෆීස් ගුල් බහදූර් සන්නද්ධ කණ්ඩායම විසින් බාරගෙන ඇත.

AFP ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, කයිබර් පක්තුන්ක්වා සහ බලුකිස්තානය යන ප්‍රදේශ දෙකෙහිම රජයට එරෙහිව සටන් කරන සන්නද්ධ කණ්ඩායම් විසින් මෙම වසර ආරම්භයේ සිට සිදු කරන ලද ප්‍රහාරවලින් පුද්ගලයින් 290 ක් පමණ මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු හමුදා නිලධාරීන් ලෙස සැලකේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...