ඊශ්‍රායල-ලෙබනන සාම ගිවිසුම මැද යළිත් දරුණු ප්‍රහාර සක්‍රිය වෙයි!

රෂිකා හෙන්නායක ජුනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකානු මැදිහත්වීමෙන් ඇති කරගත් සටන් විරාම ගිවිසුමකට දින කිහිපයකට පසු, ඊශ්‍රායලය නැවතත් ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.

මෙම එකඟතාවය දෙපාර්ශවයම තමන් ලැබූ ජයග්‍රහණයක් ලෙස හැඳින්වූවත්, හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයන් එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරති.

ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශවලින් ඉවත් වීම සඳහා හිස්බුල්ලා සංවිධානය අවි ඉවත් කළ යුතු බව ඊශ්‍රායලය අවධාරණය කරන අතර, හිස්බුල්ලා පාර්ශවය පවසන්නේ මෙය රටේ ස්වෛරීභාවය පාවාදීමක් බවයි.

දැනටමත් දෙපාර්ශවය අතර ගැටුම්වලින් සිදුවූ මරණ වාර්තා වන අතර, ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයේ දිගුකාලීන රැඳී සිටීමකට සූදානම් වන බව පෙනෙන්නට තිබේ.

මේ හේතුවෙන් කලාපය තුළ පවතින අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වී ඇති අතර, සාම ගිවිසුමේ පැවැත්ම පිළිබඳව දැඩි සැකයක් මතුව ඇත. මෙම තත්ත්වය ලෙබනනය තුළ අභ්‍යන්තර ගැටුම් ඇති වීමේ අවදානමක් ද මතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 08කට පසු වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: වෙරළ සංරක්ෂණ හා වෙරළ...

කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණී කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි සියලු...

බඩ ඉරිඟු ටොන් 2000ක් වරායේ හිරවෙලා. ත්‍රීපෝෂ නිෂ්පාදනයටත් බාධා

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා 2025 දෙසැම්බර්...

යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට සෑම මිනිත්තු හතරකට වරක් රුසියානු සෙබළෙකු මිය යන බව අනාවරණය වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 25: යුක්රේනය ආක්‍රමණය...