මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW :

මධ්‍යම පරිසර අධිකාරිය මැයි 31 වැනිදා සිට මේ දක්වා සිදුකළ පරික්ෂා කිරීම් වලදී කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කළ, වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇති බව පැවසේ.

ඒ සඳහා කණ්ඩායම් 5ක් යොදවා තිබුණු අතර, එහිදී වෙළෙඳ සැල් 75ක් පරික්ෂා කළ බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

ඒවායේ තිබී භාවිතය තහනම් කර ඇති පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් තොග සොයා ගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ , දේවාල භූමියට පිටතින් රැගෙන එන පූජා ද්‍රව්‍ය තුළ ඇති ප්ලාස්ටික් මල්මාලා ඇතුලු ප්‍රමිතියෙන් තොර භාණ්ඩ නොගැනීමට කටයුතු කරන්නැයි කපු මහතුන් දැනුවත් කර ඇති බවයි.