මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW :

මධ්‍යම පරිසර අධිකාරිය මැයි 31 වැනිදා සිට මේ දක්වා සිදුකළ පරික්ෂා කිරීම් වලදී කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කළ, වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇති බව පැවසේ.

ඒ සඳහා කණ්ඩායම් 5ක් යොදවා තිබුණු අතර, එහිදී වෙළෙඳ සැල් 75ක් පරික්ෂා කළ බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

ඒවායේ තිබී භාවිතය තහනම් කර ඇති පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් තොග සොයා ගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ , දේවාල භූමියට පිටතින් රැගෙන එන පූජා ද්‍රව්‍ය තුළ ඇති ප්ලාස්ටික් මල්මාලා ඇතුලු ප්‍රමිතියෙන් තොර භාණ්ඩ නොගැනීමට කටයුතු කරන්නැයි කපු මහතුන් දැනුවත් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...