ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය යුනිෆිල් හි දූත මෙහෙවරේ ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල්වරයා හමුවට

Date:

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න  මහත්මිය ජූනි 21 වන දින නක්වාරා හි බ්ලූ ලයින් හි පිහිටි යුනිෆිල් (ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය) මූලස්ථානයේ දී දූත මණ්ඩල ප්‍රධානී සහ බලසේනාධිපති මේජර් ජෙනරාල් ඇරොල්ඩෝ ලාසාරෝ හමුවිය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායේ (යුනිෆිල්)  ශ්‍රී ලාංකීය භට පිරිස් ප්‍රමාණය ඉහළ නැංවීම ඇතුලු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. පසුගිය වසර 11 තුළ යුනිෆිල් වෙනුවෙන් ශ්‍රී ලංකා භට පිරිස් ලබා දුන් විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් බල සේනා ආඥාපති ස්තූතිය පුද කළ අතර තානාපතිනිය වෙත දන්වා සිටියේ යුනිෆිල් හි ශ්‍රී ලංකා භට කණ්ඩායම් සිය කැපී පෙනෙන වෘත්තීයභාවය වෙනුවෙන් ගෞරවය දිනාගෙන ඇති බවයි. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා 13 වන බලසේනා ආරක්ෂණ බලකායේ (UNIFIL( අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් නයන් සමරකෝන් මහතා සහ තානාපති කාර්යාලයේ පරිවාර නිලධාරි ප්‍රියන්ත දසනායක මහතාද සහභාගි විය.

තානාපතිනියට යුධ හමුදා ගෞරව ආචාරයක් පිරිනමන ලද අතර ඇය විසින් භට කණ්ඩායම් හා සන්නා සන්නද්ධ රථ පරීක්‍ෂා කිරීමේද නිරතවිය. UNFIL හි රජකාරියේ නිරත කේ 9 (K9) නිල සුනඛ කණ්ඩායමේ සංදර්ශනයක් ද ශ්‍රී ලංකා යුධ හමුදා කැලිප්සෝ තූර්ය වාදක කණ්ඩායම ඉදිරිපත් කළ සංගීත ප්‍රසංගයක්ද පැවැත්විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2022 ජුනි 28 වෙනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...