*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සංචාරක ඇමති හරීන් සහ එක්සත් රාජධානියේ සංචාරක කර්මාන්තයේ නියෝජිතයන් අතර හමුවක්

මෑතක දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා 2022 ජූනි 16 වැනි දින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එක්සත් රාජධානියේ සංචාරක කර්මාත්නයේ නියෝජිතයන් පිරිසක් හමුවිය. ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලට එරෙහිව එක්සත් රාජධානියේ රජය නිකුත් කළ උපදේශනය ජූනි 11 වැනි දින ඉවත් කරන ලද පසුබිමක් හමුවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සමඟ එක්ව සංවිධානය කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන ඉතා කාලෝචිත වැඩසටහනක් බවට පත්විය. සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක සංගම්, සංචාරක මාධ්‍යකරුවන් සහ ගුවන් සේවා සහ සත්කාරක අංශයේ නියෝජිතයන් ඇතුළු එක්සත් රාජධානියේ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛයන් 60 දෙනෙකුට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ගත් කල, 2 වැනි විශාලතම රාජ්‍ය වන්නේ එක්සත් රාජධානියයි.

පිළිගැනීමේ දේශනය ඉදිරිපත් කළ මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය, ශ්‍රී ලංකාව යනු දුෂ්කර තත්ත්වයන් හමුවේ ජයග්‍රහණ හිමි කරගත්, ඔරොත්තු දීමේ හැකියාවක් සහිත රටක් බව සඳහන් කළා ය. ‘සංචාරය සඳහා වන මීළඟ ගමනාන්තය’ ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය මිත්‍ර රටවල සහය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව තම සංචාරකයන්ට පිරිනමන්නේ හුදෙක් පසිඳුරන් පිනවීම මත පමණක් සීමා නොවූ, එහෙත් ඉන් ඔබ්බට විහිදී යන යන අද්විතීය අත්දැකීමකි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඔවුන් මෙරට දී අත්දකින ශ්‍රී ලාංකික අත්දැකීමෙන් බිඳක් ඔවුන් මෙරටින් පිටත්ව යන විටද රැගෙන යති.

මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය (වාණිජ) ආචාර්ය ලක්මිණි මෙන්ඩිස් මහත්මිය, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ විශේෂ කථිකයන් තිදෙනා වූ, එක්සත් රාජධානියේ ස්වාධීන සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (AITO) වාණිජ ප්‍රධානී භාරත් ගධෝක් මහතා, වොන්ඩර්ලස්ට් (Wanderlust) සඟරාවේ නිර්මාතෘ හා කර්තෘ ලින් හියුස් මහත්මිය සහ එක්ස්පීරියන්ස් ලෝන්ලි ප්ලැනට් හි (Experience Lonely Planet) උප සභාපති ටොම් හෝල් මහතා යනාදීහු හඳුන්වා දුන්නා ය. සංචාරකයෙකුට සිදු කළ හැකි පුළුල් ක්‍රියාකාරකම් ලැයිස්තුවක් ශ්‍රී ලංකාව තුළ ඇති බැවින් විශේෂ උනන්දුවක් සහිත සංචාරකයන් ශ්‍රී ලංකාව වැනි සුවිශේෂී රටවල සංචාරය කිරීම කෙරෙහි සිය අවධානය යොමු කරන බව භාරත් ගාධෝක් මහතා ප්‍රකාශ කළේ ය. අතීතයේ සිදු වූ පරිදි එක්සත් රාජධානියේ සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා AITO සූදානමින් සිටින බවද එතුමා තහවුරු කළේ ය. ආරම්භයේ පටන් වොන්ඩර්ලස්ට් සඟරාව සිය පාඨකයන් අතර ජනප්‍රියම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගත් බව සඳහන් කළ ලින් හියුස් මහත්මිය, එය පසුගිය වසරේ පවැති වොන්ඩර්ලස්ට් සම්මාන උළෙලේ දී සනාථ වූ බවත්, එහිදී සංචාරකයන්ගේ තේරීම අනුව නම් කරනු ලැබූ හොඳම ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාව තේරී පත්වූ බවත් සඳහන් කළා ය. ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාර පිළිබඳ එක්සත් රාජධානියේ සංචාරක උපදේශනය ඉවත් කිරීමෙන් පසු සිය වෙබ් අඩවිය තුළ ‘ ශ්‍රී ලංකාව’ පිළිබඳව පරිශීලකයන් සිදු කොට ඇති සෙවීම් ප්‍රමාණය 100% කින් ඉහළ ගොස් ඇති බවද එතුමිය අවධාරණය කළාය.

ටොම් හෝල් මහතා, ලෝන්ලි ප්ලැනට් හි සිය වෘත්තීය දිවියේ අංගයක් ලෙස ශ්‍රී ලංකාව තුළ සිදු කළ සංචාර ආශ්‍රිතව ලබා ගත් අත්දැකීම්වලට අනුව, සංචාරකයෙකුට සංචාරයේ නිරත විය හැකි හොඳම දූපත වශයෙන් ශ්‍රී ලංකාව තහවුරු කළ හැකි බව ප්‍රකාශ කළේ ය. 1973 වර්ෂයේ දී ලෝන්ලි ප්ලැනට් සඟරාව ආරම්භ කළ අවධියේ පටන් ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක මාර්ගෝපදේශ 13 ක් ප්‍රකාශයට පත් කොට ඇති අතර, සංචාරය සඳහා සුදුසු අංක 01 ගමනාන්තය ලෙස 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ඇගයීමට පාත්‍ර විය. රටේ වත්මන් තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පැහැදිලි කරන ලදි.

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශය සහ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව ද අමාත්‍යවරයා සඳහන් කළේය. සංචාරක අමාත්‍යාංශය සකස් කළ හදිසි සැලැස්මට අනුව මූලික කටයුතු සිදු කෙරෙන බැවින්, මෙවර ශීත නිවාඩු කාලය තුළ සංචාරකයන් පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවද එතුමා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2022 ජූනි 28 වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan