තෙල් ඉල්ලා ජනාධිපති මන්දිරය අසල උද්ඝෝෂණයේ යෙදුණු ප්‍රදීප් චාල්ස් ඇතුළු පිරිස අත්අඩංගුවට! (VIDEO)

0
989

එක්සත් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාර්ල්ස් ඇතුළු පිරිසක් ඉන්ධන ඉල්ලා කොළඹ ජනපති නිල නිවසට පිවිසුම ඇති මාර්ගයේ විරෝධතාවක නියැළුණි.

මාර්ගයේ වාහන හරස් කර නවතා එහි යොදා ඇති මාර්ග බාධක උඩ නැගී එම විරෝධතාව දැක්වූ අතර අනතුරුව ප්‍රදීප් චාල්ස් ඇතුළු සිව් දෙනෙක් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වරාය පොලීසිය වෙත රැගෙන ගියේය.

අත්අඩංගුවට ගත් මොහොතේ පොලීසිය විසින් යම් පහරදීමක් සිදුකළ බවටද ප්‍රදීප් චාල්ස් මහතා මාධ්‍ය වෙත පැවසුවේය.

අනතුරුව ඔවුන්ගේ වාහනද පොලිස් භාරයට ගැනුණි.

ASK