දැන් කාංචනට කරන්න තියෙන දේ හොදම දේ ඉල්ලා අස් වෙන එක! (VIDEO)

Date:

කාංචන විජේසේකර ඇමතිවරයාට දැන් කිරීමට තිබෙන හොඳම දේ සිය තනතුරෙන් ඉල්ලා අස් වීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.

ඒ, අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අද නෙවෙයි හෙට යැයි කියමින් ජනතාවට ඇත්ත සඟවමින් හැමදාම කටයුතු කළ නොහැකි අතර රටේ ජනතාවට අවශ්‍ය ලෙස වැඩපිළිවෙල සෑදිය යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට රැකියාවන් අහිමි වී නිවසට වී සිටින්නට සිදු වී තිබෙන අයගේ පවුල් රැක ගැනීමට හැකි මැදිහත්වීම කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවද විජේසිරි මහතා අවධාරණය කළේය.

කෙසේවෙතත් මේ වන විට රටේ සහ ලෝකයේ සහයෝගය නැති රාජපක්ෂ – වික්‍රමසිංහ ආණ්ඩුව පලවා හැරීමට සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...