2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 8% කින් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහබැංකුවේ වාර්තා පෙන්වා දෙයි.
ශ්රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව පසුගිය සිකුරාදා (26) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.22ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 341.87ක් ලෙස පැවතුණි.
2026 ජනවාරි 01 වනදා වනවිට ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.83ක් සහ එහි විකුණුම් මිල රුපියල් 313.43 ක් විය.





