භූමිකම්පා හේතුවෙන් වෙනිසියුලාවේ මියගිය සංඛ්‍යාව 1,500 ආසන්න වේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
වෙනිසියුලාවට පසුගිය බදාදා(24) බලපෑ රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ක ප්‍රබල භූමිකම්පා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1500ට ආසන්න බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජනපදය කොලොම්බියාව රුසියාව ස්විටර්ලන්තය ආදී රටවල් වලින් 2600ක් පමණ ගලවා ගැනීමේ ආධාරකරුවන් පැමිණ ඇති අතර එයම කටයුතු සහ ප්‍රතිසාධන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර තුවාල ලැබූවන් 3,150 ක් හා අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 55000 ඉක්මවා තිබේ.

මේවන විට අවැතැන් වූවන් නැවත පදිංචි කිරීම සදහා ගොඩනැගිලිවල වාසයට සුදුසු බව තීරණය කිරීමට ජනාධිපති කොමිසමක් පත්කර ඇති අතර ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය දැනටමත් ලබා දෙන බවට පොරොන්දු වී ඇති ඩොලර් මිලියන 150 ට අමතරව, ඉදිරි දිනක් ඇතුළත ඩොලර් මිලියන සිය ගණනක් වටිනා අරමුදල් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම භූමිකම්පාව පසුගිය සියවසේ ලතින් ඇමරිකාවේ සිදු වූ මාරාන්තිකම භූමිකම්පා අතරට එක්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...