රෂිකා හෙහෙන්නායක ජුනි 29, කොළඹ LNW :
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ හයවැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.
ඇන්ටිගුවාහි පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් ලැබීම නිසා ශ්‍රී ලංකාව පෙර සිටි සිව්වැනි ස්ථානයෙන් ඉවතට විසි වූ අතර, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බංග්ලාදේශය සහ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ තිබේ.
වත්මන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඕස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේ පසුවන අතර දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය පිළිවෙළින් ඊළඟ ස්ථාන හිමිකරගෙන සිටී.
මෙම පසුබෑම මධ්‍යයේ දෙරට අතර තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය ජූලි මස මුලදී ආරම්භ වීමට නියමිතය.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලබා සිටින්නේ 44.44% ක දක්ෂතාවයක් පමණි.


