විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීමට ඇමතිට බලය දෙන යෝජනාවක් ගැසට් කෙරේ

Date:

මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයාට බලය ලැබෙන පරිදි 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගැසට් කර තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසිනි.

පළාත් පාලන මැතිවරණයක් කැඳවමින් එම ආයතන විසුරුවා හැර තිබුණත් අදාළ මැතිවරණය දින නියමයක් නොමැතිව කල්ගොස් ඇති වාතාවරණය තුළ මේ වනවිට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන පවතින්නේ නාගරික කොමසාරිස්වරුන් සහ පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ පාලනය යටතේ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...