*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

චමරිට විතරක් තනියෙන් බැරි වෙයි

ශ්‍රී ලංකාව නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඓතිහාසික පළමු ජයග්‍රහණය වාර්තා කර අදට දෙදිනක් ගත වෙනවා.ඒ ජයග්‍රහණය සපුරා නායිකා චමරි අතපත්තුගේ පිත්තෙ හාස්කමක් විදිහට හැඳින්වීමට එකඟ නොවන පිරිස අඩුයි.ඒක ඒ තරම්ම ආශ්චර්යමත් ප්‍රහාරයක්.
කණ්ඩායමක් වශයෙන් ගත් විට නවසීලන්තය එක්දින සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලදී සිටින්නේ මුල් කණ්ඩායම් පහ අතරය.එසේම කාන්තා ටෙස්ට් කණ්ඩායම් අතරද ඉදිරියෙන්ම වන ප්‍රබල කණ්ඩායමක්ය.එවැනි කණ්ඩායමකට වඩා ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටින මෙන්ම අවස්ථා ඉතා අඩු කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව ලද මේ ජයග්‍රහණය අතිශයින් වැදගත්ය.ලෝක එක්දින කාන්තා කණ්ඩායම් අතර ජාත්‍යන්තර එක්දින තරග අත්දැකීම් අතරින් මෙන්ම ශ්‍රේණිගත කිරීම් සළකද්දී ද ශ්‍රී ලංකාව සිටින්නේ තායිලන්තයටත් පහතින්ය.


වැදගත්ම දේ මෙහිදි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වරක් තායිලන්තයට පරාජය වූ බව කීම නොවේය,ක්‍රිකට්මය ජාතියක් වශයෙන් පතල ශ්‍රී ලංකාවේ කාන්තා කණ්ඩායමට තායිලන්තයට තරම් හෝ ජාත්‍යන්තර එක්දින පිටියේ අවස්ථාවන් නොමැති වීමය.මේ සියල්ල කතා කරන්නට පාදක වුණේ චමරිගේ පිතිහරඹය සහ නවසීලන්තය ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය වීමය.


ඒ අනුව ලැබෙන හොඳම පණිවිඩය නවසීලන්තය පරාජය කළ හැකි බවය.චමරි සහ කණ්ඩායම මෑත කාලයේ කණ්ඩායමක් හැටියට සිටින තැන අනුව ඒ දස්කම් සියල්ල එකට එකතු වුවහොත් ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි සහ ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් විය හැකි කණ්ඩායමක්ය.විශේෂයෙන් චමරි හරහා නවසීලන්තයට එරෙහිව ලැබුණ ජය මෙන්ම පසුගිය අවස්ථාවන් කිහිපයකදීම චමරි වෙනුවට කණ්ඩායම ඉහළට ඔසවා තැබීමට හර්ෂිතා මාධවී,නිලක්ෂි ද සිල්වා,විශ්මි ගුණරත්න වැනි ක්‍රීඩිකාවන්ගේ පිත්තද මැදිහත් විය.විටෙක තරගයක ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම හොඳ තල්ලුවක් දෙන්නට කවීශා දිල්හාරි ද එක් වූවාය.


අමතක නොකළම යුතු කොටස ඉනෝකා රණවීර ප්‍රමුඛ දඟ පන්දු බල ඇණියය.ඕෂධි රණෂිංහ,සුගන්ධිකා කුමාරි,කවීහි දිල්හාරි ඒ අතරින් ප්‍රමුඛය.උදේශීකා ප්‍රබෝධනී ද සිය වේගයෙන් හොඳ දායකත්වයක් මෑත කාලයේ ලබා දුන්නාය.පසුගිය කාලයේදී වැඩි කතා බහකට ලක් නොවුණ ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වැදගත්ම අංශය වූයේ පන්දු යැවීමේ අංශය ය.ඔවුන් ජයග්‍රහණ වෙනුවෙන් කළ කී දේ බොහෝ ය.


පළමු එක්දින තරගයෙන් නවසීලන්තයට එරෙහිව ලද ජය අහම්බයක් නොවන බව කීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට විශාල වැඩ කොටසක් පැවරී ඇත.විශේෂයෙන් ඉනෝකා රණවීර යනු මේ මොහොතේ ලෝකයේම අවධානයට සහ ගෞරවයට පත් වූ පන්දු යවන්නියකි.ඒ නිසාම ඇය පන්දු යැවීමට පැමිණ මොහොතේ සිටම නවසීලන්තය ඇයගේ රිද්මය බිඳ වැට්ටවීමට සෑම උත්සාහයක්ම දරමින් ආක්‍රමණික ප්‍රහාරයකට උත්සාහ දරන්නට ඉඩ ඇත.එවැනි මොහොතක පීඩනය හුදෙකලා එකක් නොවන බව කීමට ඕෂධී,සුගන්ධිකා සහ කවීශා පෙරමුණ ගත යුතුය.උදේශිකා ද සමඟ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය නවසීලන්ත පිතිකාරිණියන්ට පහසුවෙන් හැසිරෙන්නට මඟ ඇහිරීම චමරි ඇතුළු බල ඇණියේ කාර්යයට පහසුය.


විශ්මි පළමු තරගයේදී චමරිට සහය දුන් ආකාරයෙන්ම ඉවසිලිවන්තව හොඳ ඉණිමක් ක්‍රියාත්මක කිරීම වටින්නේය.හර්ෂිතා මේ වන විට විශ්වසනියම පිතිකාරිණිය ය.නිලක්ෂි ඊ ළඟටය.කවීශා මෙන්ම කඩුලු රකින අනුෂ්කා සංජීවනී ද,ඖෂධී රණසිංහ ඇති පන්දුවට පහර දීමේ හැකියාව ද කලෙකින් හරියට ප්‍රයෝජනයට අරගෙන ඇත.අවස්ථාව උදා වුවහොත් පන්දු ඕවර් 50 ක් යනු හොඳ ඉණිමකට සූදානම් වන්නට හොඳ කාලයකි.


වඩාත් වැදගත් වන්නේ නිලකුණු පන්දු අඩු කිරීමය.කෙටි ලකුණු හඹා ගොස් මුහුණ දෙන පන්දු ප්‍රමාණය සහ තමන්ගේ පෞද්ගලික ලකුණු ප්‍රමාණය අතර පරතරය අඩු කර ගැනීම අතිශයින් වැදග්තය.එසේ වුවහොත් නවසීලන්තයට එරෙහිව ලොකු ලකුණු පූවරුවකට යාම දුෂ්කර කාර්යයක් නොවනු ඇත.චමරි සකස් කළ පදනම ශක්තිමත්ව සුරක්ෂිත කරන්නට ඉදිරි තරගවලදී තමන්ගේ උපරිමය දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුවහොත් නවසීලන්තයට එරෙහිව ලැබූ පළමු ජයට පළමු තරගාවලි ජය ද එකතු කර ගන්නට හැකියාව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan