පොදු ගමනාගමන සේවා සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

0
445

සටහන – රුවන් නෙළුගොල්ල

පොදු ගමනාගමන සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ පොදු ගමනාගමන සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇත.

එමෙන්ම මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම ද අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.