*
Tuesday, July 2, 2024
spot_img

Latest Posts

KING KHOLI අන්තිම මොහොතේ අසිපත කොපුවෙන් එළියට ගනියි

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 30, (LNW) කොළඹ :

බොහෝ ක්‍රිකට් ලෝලීන් විරාට් කෝලීව හඳුන්වන්නේ KING KHOLI යනුවෙන්ය.මෙවර ලෝක කුසලානය පුරාම ඒ රජතුමාගේ පිතිහරඹය ගැටළුකාරී එකක්ව පැවතිණ.සටන වෙනුවෙන් අසිපත කොපුවෙන් එළියට නොගත්තා වැනිය.එහෙත් සෙබළු රජු ද රැකගෙන අන්තිම මොහොත දක්වාම අපරාජිතව සටන මෙහෙයවීය.සටනේ අන්තිම මොහොතේ දී ප්‍රතිවාදී ආක්‍රමණය පහසු නොවිණ.

මේ දක්වා අසිපත සඟවාගෙන සිටි රජු පෙරට ආවේ ඒ මොහොතේදී ය.ඉවසීම,සංයමය මෙන්ම ප්‍රහාරය ද,වඩාත්ම වැදගත් දරා ගැනීමෙන් පොහොසත් සිරුර ද,මනස ද සමඟ රජු ප්‍රතිවාදින් මැඩ නැඟී සිටියේය. 2014 දී ශ්‍රී ලංකාවටත් එවැනිම නිහඬව සිටි රජ කෙනෙක් අවසාන මොහොතේ දී සටනේ වගකීම පවරා ගෙන ලෝක කුසලානය දිනා දුන් සේම වසර 10 ට පසුව ඉන්දියාවටත් එසේම කුසලානය දිනා දෙන්නට KING KHOLI ගේ පිත්ත පෙරමුණ ගත්තේය.


අවසාන තරගය දක්වා අපරාජිතව පැමිණි කණ්ඩායම් දෙක අවසාන තරගයේදී ඒ පැමිණීම අතිශයින් සාධාරණ බව පෙන්නුම් කළේය.අවසාන පන්දු ඕවරය වන විටත් ඒ තත්ත්වය ඒ ආකාරයටම පැවතිණි.එවැනි තීරණාත්මක මොහොතක පන්දු හයකින් ලකුණු 16 ක් යනු කජ්ජක් බවට පත් කළ හැකි පිතිකරුවෙක් වූ ඩේවිඩ් මිලර් කඩුල්ලේ සිටියේය.පන්දු යැවීමේ වගකීම භාර ගන්නට සිඳු වූයේ හාර්ඩික් පාන්ඩයාටය.කණ්ඩායම වෙනුවෙන් අවශ්‍යයම මොහොතේ දී පිත්තෙන්ද පන්දුවෙන් ද කියා වෙනසක් නැතුව සියයට සියය ලබා දීමට උපරිමයෙන්ම දායකවන පාන්ඩයා පැවරුණු ඒ වගකීම පහසු එකක් නොවිණ.


එහෙත් ඒ පීඩාකාරී මොහොතේ ද ඊට ඔරොත්තු දිය හැකි ලෝක සූරතාවයේ අවශ්‍යයතාවය වෙනුවෙන් කැප වුණු සහ සූදානම් වුණු මනසකින් ඉන්දීය කණ්ඩායම පොහොසත්ව සිටින බව පැහැදිළි කළේ සූරියකුමාර් යාදෙව් ය.මිලර් ලෝන්ග් ඕෆ් කළාපයෙන් එල්ල කළ හයේ පහර සීමාවෙන් මෙපිට රඳවා ගැනීමේ විශ්වකර්ම පන්දු රැකීමක යෙදුණ යාදෙව් පාන්ඩයා නමට තීරණාත්මක පන්දු ඕවරයේ තීරණාත්මක කඩුල්ල එකතු කරන්නට පෑ දායකත්වය නොවන්නට ලෝක මට්ටමේ කුසලානයක් දිනා ගන්නට දකුණු අප්‍රිකාවට ඇති නොහැකියාවේ දෝෂය මිලර් විසින් වෙනස් කරන්නට තිබිණ.ඒ නාටකීය අවස්ථාවේ අපූර්වත්වය අපට බැහැර කරන්නට නොහැකිය.ඒ නිසාම මේ සටහන අතරට ඒ අවසාන ඕවරය දෑසින් දැක ගන්නට තාක්ෂණය විසින් ලබා දී තිබෙන අවස්ථාවද අපි ඔබට දායාද කරන්නට තීරණය කළෙමු.


අවසාන ඕවරය https://bit.ly/3RMnVna
ඉන්දියාව කාසියේ වාසිය ලබා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණය අවසන් වූයේ කඩුලු 7 ට ලකුණු 176 ක් ලබමින්ය.තරගාවලිය පුරා ලකුණු අතරට එන්නට උත්සාහ දරමින් සිටි විරාට් කෝලි වටා ගොඩ නැඟුණු ඉණිමක් වූ ඉන්දීය ඉණිමට තරගයේ පළමු පන්දුවේ සිට 19 වන පන්දු ඕවරයේ පස්වන පන්දුව තෙක්ම දායකත්වය ලැබිණ.ඒ අතරේ දී මුලින් ඉදිරී සෙල වී තිබූ ඉන්දීය ඉණිම සවිමත් කරන්නට අක්ෂාර් පටෙල් (47) සමඟ හතරවන කඩුල්ලට රැස් කළ ලකුණු 72 සහ පස්වන කඩුල්ලට සිවම් ඩුබේ (27) සමඟ එක් කළ ලකුණු 57 සබඳතාවද ඇතුළත් විණි.


මෙහිදී කෝලිගේ ඉණිම පුරා අපට ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකටම ගන්නට තිබෙන හොඳම ආදර්ශය කඩුලු අතර දිවීමය.පන්දු ඕවර් 19 ක් තුළ කඩුල්ලේ සිටිමින් කෝලි ලබා ගත් ලකුණු 76 න් ලකුණු 40 ක් ම ඔහුට එකතු වන්නේ හතරේ සහ හයේ පහර වලින් නොවේය.එමෙන්ම ඔහු පිටියේ සිටියදි ඉන්දීය ඉණිමට එකතු වන ලකුණු 163 වෙනුවෙන් ද ඔහු කඩුලු අතර දිවිමෙන් වෙහෙසට සහ අපහසුවට පත් වී තිබුණු බවක් නොපෙන්වන්නට තරම් ශාරිරික යෝග්‍යතාවයකින් යුතුව උන්නේය.බොහෝ කෙටි ලකුණු මෙන්ම එක ලකුණක් පමණක් බව පෙනෙන ලකුණු කඩුලු අතර වේගවත් දිවිමෙන් ලකුණු දෙකක් බවට පත් කිරීමට කෝලි සමත් විය.වයස ක්‍රීඩාවට බාධාවක් නොවන තරුණ ජවයක් සහ වේගයක් නඩත්තු වුණ සිරුරක් වයස අවුරුදු 35 ඉක්මවා සිටින කෝලි සිය ඉණිම පුරාම පැහැදිලිව ප්‍රදර්ශණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ආදර්ශයට ගන්නට කරුණු පෙන්වමින්ය.


කෝලිගේ ඒ ජවසම්පන්න බව සහ වේගවත් දිවිම නිසා එකතු වුණ ලකුණු ප්‍රමාණය ඉන්දීය ඉණිම නැවත නරඹමින් ගණනය කරන්නට හැකිනම් අවසාන තරගයේ දී ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය හිමි වුණු ලකුණු 7 ක ජයට කෙතරම් වැදගත් වි ද යන්න තීරණය කරන්නට හැකිය.
කෝලිගේ දායකත්ව මූලික කරගෙන ගොඩ නැඟුණු ලකුණු 176 රැක ගන්නට ඉන්දිය පන්දු යවන්නන්ගේ පන්දු යැවීම කැපී පෙණින.ඉන්දීය කණ්ඩායමට ලෝක කුසලානය දිනා දෙන්නට පුරෝගාමී වූ බවට තීරණය කර තරගාවලියේ වීරයාගේ සම්මානයට නම් කළ ජස්ප්‍රීට් බුම්රාහ් අවසාන තරගයේ දී ත් දකුණු අප්‍රිකානු ලකුණු වේගයට වාරණ දමිමින් පන්දු ඕවර් 4 ලකුණු 18 ට සීමා කරමින් කඩුලු 2 ක දවා ගෙන තරගාවලියේ දවා ගත් මුලු කඩුලු ප්‍රමාණය 15 ක් දක්වා ඉහළ දමා ගත්තේය.


ඉන්දීය අභියෝගයට මුහුණ දීමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් පෙරමුණ ගත් පිතිකරුවා වූයේ හෙන්රිච් ක්ලාසන්ය.ඔහු පන්දු 27 දි ලකුණු 52 ක් දවා ගනිමින් වේගවත් ඉණිමක් දියත් කළේය.ක්වාන්ටම් ඩි කොක් ලකුණු 39 ක් එක් කර දුන්නේය.ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 31 ක් එක් කළ අතර අවසාන මොහොතේ දී ජයග්‍රහණය සඳහා කණ්ඩායම රැඟෙන යන්නට මිලර් ගත් උත්සාහයේ දී ඔහු එල්ල කළ හයේ පහර උඩ පන්දුවකින් හමාර වෙද්දී මිලර්ගෙන් දකුණු අප්‍රිකානු ඉණිමට ලකුණු 21 ක් එක්ව තිබිණ.


බුම්රා ලකුණු 18 ට කඩුලු 2 ක් ද,තරගාවලිය පුරාම ප්‍රතිවාදීන්ට තර්ජනයක් වූ අර්ශ්දීප් සිං ලකුණු 20 ට කඩුල් 2 ක් දවා ගනිමින් කළ පන්දු යැවීම ඉන්දීය ජයග්‍රහණයට දැක් වූ දායකත්වය සුළු නැත.පන්දු ඕවර් 20 න් අටකදී බුම්රා සහ අර්ශදීප් ලබා දී ඇත්තේ ලකුණු 38 ක් පමණි.එවැනී පිඩනයක් ඇති කරද්දි ද දකුණු අප්‍රිකානු පිතිකරුවන් සෙසු පන්දු ඕවර් 12 තුළ ලකුණු 131 ක් රැස් කරන්නට තරම් ප්‍රහාරයක දකුණු අප්‍රිකානුවන් නිරත වී ඇත.විශේෂයෙන්ම ක්ලාසන් පිටියේ රැදි සිටින මොහොතේ හැම අතින්ම තරගය ඉන්දියාවට ඉදිරියෙන් දකුණු අප්‍රිකාව රැඳුණු මොහොතක රඳවා ගන්නට ඔහු සමත් වූ අතර තීරණාත්මක අවසාන ඕවරය මෙන්ම එහිදී ක්ලාසන් ඉවත් කිරිමද සිඳු කළ හාර්ඩික් පාන්ඩයා ද මේ සූරතා කුසලානය ඉන්දියාවට දිනා දීමේ කාර්යේදී නිල නොවන වීරයෙක් බවට නම් කළ යුතුමය.
අවසාන තරගයට කරට කර තරග වඳින කණ්ඩායම් දෙකක් විසින් කෙතරම් උද්වේගකර අත්දැකීමක් තරගයට ලබා දෙන්නේ ද යන්න විඳගන්නට තරගයේ විශේෂ අවස්ථාවන් දෑසින් විඳිම අකුරුවලට දෙන්නට බැරි හැඟීමක් ඔපට සමීප කරනවා ඇත.ඒ නිසා මේ දිගුව ඒ හැඟීම විදීම පිණිසය. https://bit.ly/45NGhdf
තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසිය හැකිය.
https://es.pn/3XJ4Wh8

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan