*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ප්‍රබල ඇමතිලා දෙන්නෙක් සහ ඔවුන්ගේ බෑනලා පුතලාගේ පට්ටන්දරේ තාඹුගල එළියට අදී ?

කෝටි හතක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිලමැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබාදීම පෙරේදා දිනයේදී (28) අවසන් කළේය. ඔහු පසුගිය සඳුදා, අඟහරුවාදා සහ සිකුරාදා දිනවල පැය 10 කට අධික කාලයක් තිස්සේ මෙම රහස් ප්‍රකාශය ලබාදී තිබිණි.

ඔහු එම රහස් ප්‍රකාශය ලබාදුන්නේ රහස් පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ගෙන් කප්පම් ඉල්ලීමේ චෝදනාවක් සිය නීතීඥවරයා හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විරංජිත් තාඹුගල පැවසුවේ ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ බෑනලා හා දරුවන්ව ආරක්ෂා කිරීමට සෙසු ඇමතිවරුන් කටයුතු කරන්නේ නම් එයින් සමස්ත පාර්ලිමේන්තුවම අපකීර්තියට පත්වෙන බවයි.

“මං හිතන්නෙ ලංකා ඉතිහාසයේ සාමාන්‍ය පුරවැසියෙක් මහේස්ත්‍රාත්තුමියක් ඉදිරියේ කරපු දීර්ඝම ප්‍රකාශය. මට හොරා කිව්වා, දැන් ඔන්න මම හොරු ඇල්ලුවා. මම පොලිස් දෙපාර්තමේන්තුවට ගොඩක් ආදරය කරන කෙනෙක්. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හොරු තුන්දෙනෙක් රකින්න උත්සාහ කිරීමෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්වෙනවා. ඒ වගේම දේශපාලනයේ ප්‍රබල ඇමතිවරු දෙන්නෙක්, ඔවුන්ගෙ බෑනලා, දරුවෝ රකින්න අනෙක් ඇමතිවරු උත්සාහ කරනවා නම් මං හිතන්නෙ සමස්ත පාර්ලිමේන්තුවම අපකීර්තියට පත්වෙනවා. මම මගේ රට වෙනුවෙන් මට කරන්න තියෙන යුතුකම් කළා. මම අධිකරණයට රහස් ප්‍රකාශයක් කළේ, ඒ හින්දා ඒ රහස් ප්‍රකාශය ගැන දේවල් මම කතා කරන්නෙ නෑ. CID එක මට බාරදෙන්න අවුරුද්දකට. මොකද මමයි රහස් පරීක්ෂක වැඩේ කළේ. ඔප්පු කරලා පෙන්වනවා සාක්ෂිත් එක්ක, සාක්ෂි නැතිව කතා කරන්නෙ නෑ. මම පොලිස්පතිවරයාගෙනුත් ඉල්ලනවා මේගොල්ලො රකින්න උත්සාහ කරන්න එපා කියලා. ඒක තමයි මට කියන්නෙ තියෙන්නෙ”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan