තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු රෝහලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

තියුණු ආයුධයකින් පහර දී මහරගම මහජන පොළ ඉදිරිපිට දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වෙනත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දෙමින් සිටියදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබී මත්කරල් කිහිපයක් සහ තියුණු ආයුධයක් ද විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇති අතර ඔහු 40 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ.

පිහි ඇනුමෙන් දැඩි ලෙස තුවාල ලැබු පුද්ගලයා ප්‍ර‍ථිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...