බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අඩුවෙන හැටි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රී සිට අඩු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් පවසයි.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එය ක්‍රියාත්මක වන බවද පැවසේ.

ඔහු සඳහන් කළේ, බස් ගාස්තු 5.27%කින් අඩුකරන බවත් ඒ හේතුවෙන් රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වන බවත්ය.

“ආණ්ඩුව පිළිගත්තා මින් ඉදිරියට ඒ කියන්නේ අද (30) මධ්‍යම රාත්‍රියේදී සිදුවෙනවා නම් ඩීසල් මිලෙහි අඩුවීමක් මේ අඩුවීම කිසිසේත් බස් ගාස්තු අඩුවීමකට බලපෑමක් සිද්ධ කරන්නේ නෑ කියන එකඟතාවය මත මේ 5.27%ක බස් ගාස්තු අඩුවීමකට අපි එකඟ වන්නේ. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුව විසින් යම් යම් චක්‍රලේඛ ගෙනල්ලා මේ ප්‍රවාන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරලා. අපේ වෘත්තීය ක්‍රියාමාර්ග පස්සට හකුළන්න ආණ්ඩුව උත්සාහ කරනවානම් අපි එයට කිසිසේත පසුබට වන්නේ නැහැ.” 

“අපි ජනතාවගෙන් විශේෂ ඉල්ලමක් කරනවා. අද මධ්‍යම රාත්‍රීයේ සිට මේ බස් ගාස්තු අඩුවීමේ වාසිය 100%ක්ම මගී ජනතාව ලබාගන්න නම් අනිවාර්යෙන්ම මාරු සල්ලි රැගෙන එන්න. නැත්නම් මොකද රුපියල් 30 තිබුණු බස් ගාස්තුව 28 දක්වා පරිවර්තනය වෙනවා එතකොට මේ රුපියල් දෙකේ ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ වගේම සෑම ගාස්තු අවස්ථාවකදීම මේ රුපියල් දෙක, තුන, පහ වගේ මාරු කාසි ගැටලුව ඇතිවෙන්න ඉඩ තියෙනවා.”  ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...