බන්ධනාගාර බස් එකට විතරක් වැඩ දීලා 2028 ණය ගෙවන්න පුළුවන් නම් ඔක්කොම ඇතුළට දැම්මත් කමක් නෑ – විමල්

Date:

2028 වසරේදී විදෙස් ණය ආපසු ගෙවීම සඳහා වත්මන් ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක්, සැලැස්මක් හෝ වුවමනාවක් නොමැති බවත් ඔවුන් දන්නා එකම දේ ලෙස විපක්ෂ දේශපාලනඥයින් සිරගත කරමින් සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

“මේක 2028 නැවත ණය ගෙවන්න සිද්ධ වෙන රටක්. ඒවාට කිසිම සැලැස්මක්, කිසිම ක්‍රියාමාර්ගයක් නෑ. බන්ධනාගාර බස් රථයට විතරක් වැඩ තියෙනවා, එච්චරයි. ආණ්ඩුවට වෙන කරන්න කිසිදෙයක් තේරෙන්නෙත් නෑ, දන්නෙත් නෑ, ඕනෙකමකුත් නෑ. දන්න එකම දේ ඒක විතරක් කරන් ඉන්නවා. ඉතින් ඒක විතරක් කරලා 2028 ණය ගෙවන්න ලැබෙනවා නම් ඉන්න ඔක්කෝම ඇතුළට දැම්මත් කමක් නෑ”

ප්‍රශ්නය – මේගොල්ලන්ටත් ඔය ඉරණමම අත්වෙයිද ?

“සෑම ක්‍රියාවකටම සමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් තියෙනවා”

ප්‍රශ්නය – පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න විපක්ෂයෙන් ආණ්ඩුවට සපෝට් එකක් දීලා තියෙනවා ?

“ඒක සජිත් ප්‍රේමදාසගෙන් අහන්න”

විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...