වහාම ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු!

0
421

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW :

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 10 දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා.

එම ස්ථාන මාරුවීම් සිදු කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වේ.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එච් ඩබ්ලිව් අයි එස් මුතුමාල මහත්මිය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ අධ්‍යක්‍ෂ ලෙස ස්ථාන මාරු කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ස්ථාන මාරු කළ සෙසු පොලිස් නිලධාරීන්ගේ ලේඛනය පහත දැක්වේ.