හෙරොයින් බෙදාහරින ප්‍රබල මධ්‍යස්ථානයක් වටලයි: කොරළවැල්ලේ උක්කුවා සියල්ල වමාරයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW :

වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී, ඩුබායිහි රැදී සිටිමින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවේන්ද්‍ර යන අයගේ හෙරොයින් බෙදාහරින මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය නිවසක් වටලා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, අදාළ නිවසේ තිබූ හෙරොයින් ග්‍රෑම් 83යි මිලි ග්‍රෑම් 600ක් සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම නිවසේ සිටි කොරළවැල්ලේ උක්කුවා නමැති සැකකරුද අත්අඩංගුවට ගත් බවයි. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ නිවසට රැගෙන එන හෙරොයින් අවට ප්‍රදේශවලට බෙදා හැර ඇති බවයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...